අජන්ත කුමාර අගලකඩ
හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද සහභාගි වී ඇත.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට අතුරලියේ රතන හිමියෝ ද, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ,වාසුදේව නානයක්කාර ,මහාචාර්ය තිස්ස විතාරණ, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ,ගෙවිඳු කුමාරතුංග,ඒ එල් එම් අතාවුල්ලා,වීරසුමන වීරසිංහ යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සහභාගි වී ඇත.
හවුල් පක්ෂ නවයේ සහභාගිත්වයෙන් පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
මෙම සාකච්ඡාවට දොලවත්ත මහතා සහභාගි වූ පළමු අවස්ථාව එය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය එකතු වෙලා කාලා බීලා වල්පල් දොඩවලා ගෙදර යන්න ඇති..
ආන්ඩුවට ඔත්තු සැපයීමේ පාර්ශව කරුවකු ලෙස ඔහු සහභාගී වන්නට ඇත.
මේ අය දෙපැත්තේම කකුල් තියාගෙන ඉන්න කෙනෙක් කියලා හිතෙන්නේ මට විතරද?