බස්රථ දෙකක් - ටිපර් රථයක් ගැටී 8 ක් රෝහලේ
වවුනියාව , හොරොව්පතාන එ 22 මාර්ගයේ කැබිතිගොල්ලෑව , කැළෑපුලියංකුලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර ඉදිරිපිටදී බස්රථ දෙකක් හා ටිපර් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් අටදෙනකු තුවාල ලබා අද (13) සවස වවුනියාව රෝහල වෙත ඇතුලත් කළ බව පොලිසිය කියයි.