(නිමන්ති රණසිංහ)
පොලිස් මූලස්ථානය ඉදිරිපිට නිති විරෝධී රැස්වීමක සාමාජිකයන් වෙමින් රජයේ දේපලවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව පොලිසියට භාරවූ අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’ ඇතුළු සැකකරුවන් 07 දෙනකු ලබන 01 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කරනු ලැබුවේ, අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ලහිරු චතුරංග වීරසේකර, සමාජ ක්‍රියාකාරී රතිදු සේනාරත්න නොහොත් ‘රැට්ටා’, ජාතික ජනබලවේගයේ සාමාජික රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ධම්මික මුණසිංහ, රත්කරව්වේ ජිනරතන හිමි, එරංග ගුණසේකර සහ රංගන ශිල්පී ජෙහාන් අප්පුහාමි යන අයවලුන්ය.
මෙම සිද්ධියට අදාළව කොටුව පොලීසිය විසින් සැකකරුවන් නව දෙකනු නම්කරනු ලැබ තිබු අතර, ඔවුන්ගෙන් හත් දෙකනු ඊයේ (22) සවස මරදාන පොලීසියට ගොස් භාරවී ඇති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙහි අනෙක් සැකකරුවන් වන ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ යන සැකකරුවන් දෙදෙනා ඊයේ (22) පොලීසියට භාරනොවු බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
රැට්ටා ඇතුළු හතක් රිමාන්ඩ්
darmaa Wednesday, 22 June 2022 08:24 PM
අරගලවලට තහනමක් නැහැ වගේම නීතිය අතට ගන්නත් බැහැ. රාජපක්ෂලා එලෝලා ඊටත් එහායින් නීතිය ගණන් නොගන්න කොටසක් බලේට එන්න ඕනේ නැහැ. අනික රාජපක්ෂලාට කඩේ යන බයියලත් අන්තරේ හරහා ජවිපෙට පෙරටුගාමීන්ට කඩේ යන දෙගොල්ලෝම එකයි.
BamunuarachchiThursday, 23 June 2022 06:22 PM
ඔබේ කතාව අනුව රාජපක්ෂලාට කඩේ යන්නත් එපා නම් ජෙප්පන්, කුරුටුගාමීන් හොඳත් නැත්තම්... රටට කිසිම වැඩකට නැති වගකීමක් බාරගන්න ඉදිරියට එන්න බැරි සජියාට කඩේ යන්න කියලද කියන්නේ..? අපි රාජපක්ෂලාට කඩේ යන්නේ අවුරුදු 30 ක් වවාගෙන කාපු යුද්ධය නවත්වලා අපිට බෝම්බ බයෙන් තොරව ජීවත් වෙන්න රට හදලා දීපු නිසා. ඒක නැහැයි කියන්න පුළුවන් ජගතෙක් ඉන්නවද?
SACHANI ROME Wednesday, 22 June 2022 08:39 PM
මට කියන්න පුළුවන් බැරි සතුටක් තියෙන්නේ... මේ අපතයන් ටික අවුරුදු 5ක්ම විතර ඇතුළට දාන්න බැරිද?
BamunuarachchiThursday, 23 June 2022 06:24 PM
මොවුන්ට ටයර් සෑයවල් කවදා ඉදිවෙයිදෝ කියමින් මම මේ බලන් ඉන්නේ...!