(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන්ට අහිමිවූ කාලය කළමනාකරණය කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය.
ප්‍රාථමික, ද්විතියික, උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් මේවනවිට සැළසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අගොස්තු, දෙසැම්බර් නිවාඩු කෙටි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ලබාදීම බවද සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම හේතුවෙන් 2020 හා 2021 වසරේදී දරුවන්ට විශාල කාලයක් අහිමිවූ බවද අමැතිවරයා සිහිපත් කළේය.
ඉන්ධන අර්බුදය හමුවේ නාගරික පාසල් ප්‍රමාණයක් මෙම සතියේ නොපැවැත්වුවද ග්‍රාමිය පාසල් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට හැකිවූ බවත් ලබන සතියේ සිට පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවේ යැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, විරසුමන වීරසිංහ, ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් මතුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ පසුගිය සතියේදී දිවයින පුරා පාසල් 9567 ක් පැවැත්වූ බවයි.
එලෙස පැවැත්වූ පාසල් අතරින් ගුරුවරුන්ගේ පැමිණීම සියයට හැටහතක ප්‍රතිශතයක් වන අතර මෙම සියළු දත්ත අධ්‍යයනය කරමින් ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සිකුරාදා වනවිට තීරණයක් ගන්නා බවත් ඔහු කීවේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පාසල් නිවාඩුව කෙටි කරනවා’’
කිරි පුතා Wednesday, 22 June 2022 05:03 PM
ඉන්ධන ප්‍රශ්නය විසඳන තුරු පාසල් පැවැත්වීම ප්‍රායෝගික දෙයක් වන්නේ නෑ. මෙතුමන්ලාත් ප්‍රායෝගික අය නොවන නිසා ඒ ගැන හැඟීමක් හෝ දැනීමක් නැතිව ඇති...!