ශ්රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ‍්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ‍්‍රී ලංකාව, ණය ගෙවීම පැහැර හැරීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ‍්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි පළමුවෙන් වාර්තා කළේ ඇමෙරිකාවේ ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවයයි.
ශ‍්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට ද හැමිල්ටන් සංචිත බැංකුව ඒ අනුව කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ ජූලි මස 25 කල් ඉකුත්වන සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.
හැමිල්ටන් සංචිත බැංකුව නඩුව පවරා ඇත්තේ හැමිල්ටන් සංචිත බැංකුව ශ්රී ලංකාවට ලබා දී ඇති ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වල වටිනාකම සහ ගෙවීමට ඇති පොලිය ජූලි 25 වැනිදා වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් යැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය පැහැදිලි කර තිබේ.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දෙකක් සඳහා පොලී ගෙවීමට දී තිබූ දින 30 සහන කාලය ඉකුත් මැයි මාසයේ අවසන් වීමත් සමඟ ශ‍්‍රී ලංකාව නිල වශයෙන් ණය පැහැර හැරි රටක් බවට පත් විය.
ශ‍්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවීම පැහැර හැරි ප‍්‍රථම අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ශාන්ත කිට්ස් සහ නෙවිස් හි පිහිටි හැමිල්ටන් සංචිත බැංකුව ගොනු කළ නඩුවේ පැමිණිල්ලේ ශ‍්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම රාජපක්ෂ පවුල ඇතුළුව ශ‍්‍රී ලංකා රජයේ ඉහළ පෙළේ නිලධාරීන් සැලසුම් සහගතව සංවිධානයක් කර ඇති බව සඳහන් වෙයි.
ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුා වලින් දේශීය බැංකු සහ උනන්දුවක් දක්වන පාර්ශව තබා ඇති බැඳුම්කර බැහැර කර ඇති බවට හැමිල්ටන් සංචිත බැංකුව චෝදනා කරයි.
(විමුක්ති එස් රුද්‍රිගු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නය ගෙවන්න තිබුන සල්ලි වලින් රාජපක්ශ පවුල සුකෝපබෝගී ජීවිත ගතකරනව .
ඇමරිකන් කාරයොමනෙ කරල තියෙන්නෙ ඔය රටේම ඉන්නව අදාල පවුල් වහාම අත්අඩංගුවට ගන්න පුලුවන්
සාටක දාගෙන මෙයාලා කරපු සෝබන වැඩ නිසා රට බංකොලොත් වුණා. ආසියාවේ ආශ්චර්යය. සෞභාග්‍යයේ දැක්ම... ජනතාව ගොනාට ඇන්දුවා ඇති... දැන් ඉවත් වෙලා යන්න.
එහෙන් රුසියාව, මෙහෙන් ඇමෙරිකාව... චීනේ මොනවා කරයි ද දන්නේ නෑ... ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපිට මොනතරම් ආඩම්බරද...? ඔහොම යමු, විලිලැජ්ජාවේ, බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ....
පළමුවත් මව්බිම...! දෙවනුවත් මව්බිම...! තෙවනුවත් මව්බිම...!...!
පළමුව මව්බිමට ණය ගනිමු. දෙවනුව ණය ගසා කමු.. තෙවනුව මව්බිම බංකොළොත් කර කාටහරි රට දීලා, පැත්තකට වෙලා බලන් ඉමු..
ඉන්ටර්පෝල් එකට කියලා අල්ලගන්නකෝ.. මේ ණය ගෙවීම පැහැර හැරපු අයව... ඒ ගොල්ලන් ගාව තියෙනවා ණය ගෙවන්න ඕනෑ තරම් සල්ලි...
ලංකාවේ කම්බා හොරු ගැන ඇමරිකන් කාරයින් දැන්ද දන්නේ? ලංකාවේ රාජපක්ෂලා කියන්නේ ජානගත හොරු. ඔවුන් හා ඔවුන්ට ගැති හිතවතුන් සතුව විදේශ වත්කම් පිළිබදව විමර්ශනය කෙරුවොත්, ඔය මුදල වගේ විසිතිස් ගුණයක මුදල් හා වත්කම් හොයාගන්න පුළුවන්. මොවුන් ලංකාවට පමණක් නොවෙයි, ලෝකෙටම පිළිලයක්...!
ණය අරගෙන කාපු බීපු අය ඇපේට තියාගනිල්ලා.
පැරණි කියමනක් තිබුනා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා ඉතින් මෙතැනත් වෙලා තියෙන්නෙ ඒකම කියලා හිතෙනවා. මොකද බැංකුව ඇමරිකාවට අයත්. ණයකාරයො ඇමරිකන් පුරවැසියො. ඉතින් එවුන්ගෙන් අයකර ගන්න පුළුවන් නේද
මෙයාලා රට බාරදෙයිද? රට බාර දුන්නත් ලංකාව ලෝක ණයකාරයෙක් කරලා ණයවලට පොලු තිබ්බ රටක් ලෙසයි ජාත්‍යන්තරයේ පිළිගැනීම වෙන්නේ... මේකෙ වැඩි වගකීම තියෙන්නේ රාජපක්ෂලාටයි...
ණයට කාලා වෙච්චි දෙයක්... දැන් ඉතින් ණය ගත්තු අයගේ දේපළ වලින්වත් ගන්න බලන්න. අපිට නම් මෙහෙ ඇල්වතුරවත් නෑ.
පුළුවන් නම් රාජපක්ෂලාට විරුද්ධව නඩු දාලා, රාජපක්ෂලාව විදුලි පුටුවේ තබා හෝ එල්ලුම් ගහට හෝ යවන්න. මුළු මහත් ජාත්‍යන්තරය ලංකාවට කරන ලොකුම උදව්ව ඒක තමයි.
ඇමෙරිකන් කාරයෝමනේ කරලා තියෙන්නේ...