IMG-LOGO

රෝහණ විජේවීර මරුණා ද - මැරුවා ද

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

මීට වසර තිස් තුනකට පෙර සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ  අභිරහස් මරණය   සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා   ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා  සති දෙකක කාලයක්  පාර්ලිමේන්තුවේදී අද (22 වැනිදා) ඉල්ලා සිටීම විශේෂ සිද්ධියක් විය.

මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය අසා තිබුණේ  මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙනි.

එහෙත්  අමාත්‍යවරයා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර  දෙනු ලැබුවේ  ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසිනි.

ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර  මහතා  1989 නොවැම්බර් මස 12 වැනිදා එවකට පැවති රජය විසින් අත්අඩංගුවට  ගනු ලැබීම  මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරුණු  බව පවසන එල්ලාවල මන්ත්‍රීවරයා  ඊට  පසුදින ඔහු මියගොස් ඇති බව  දන්නේ දැයි එම  ප්‍රශ්නයෙන් විමසා සිටියේය.

එසේම රෝහණ විජේවීරගේ මරණය ස්වභාවික මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න ප්‍රකාශ කරන  ලෙසද  ඔහු ඉල්ලා  තිබිණ.

එමෙන්ම ඒ මරණය ඝාතනයක් නම් ඒ සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් ලබා දුන් නඩු තීන්දුවක් තිබේද යන්නත්  මරණයට එරෙහිව  ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හෝ නායකයකු   නීතිමය පියවර ගෙන ඇත්ද  යන්නත්  ලලිත් එල්ලාවල මහතා එම ප්‍රශ්නයෙන් වැඩිදුරටත්   විමසා තිබුණ.



අදහස් (3)

රෝහණ විජේවීර මරුණා ද - මැරුවා ද

අතුල සෞදි Wednesday, 22 June 2022 07:08 PM

රටේ සිදුවුණු හැම ඝාතනයක්ම කට උල් කරන් කියන ජේ.වී.පී ගුරා (අකුදි) තම පක්ෂය නිර්මාතෘවරයාගේ ඝාතනය ගැන මීක් නෑ...

:       11       13

අතුල සෞදි Wednesday, 22 June 2022 07:35 PM

අදටත් ජවිපෙට ආදරය කරන බහුතරය සිය පක්ෂ නිර්මාතෘවරයාව ගෞරවයෙන් සිහිපත් කරනවා. අද ඉන්න තක්කඩි රැළ හැර....

:       7       15

de silva Wednesday, 22 June 2022 09:04 PM

මේ දියුණු ලෝකයේ අවුරුදු 40කට කළින් කළ විදිහට මිනීමරාගෙන විප්ලව කරන එක මාකට් කරන්න බැහැ. ඒවට ඡන්දෙ ලැබෙන්නේ නැහැ. එමනිසා නැතිවුණු ජවිපය ඔය ප්‍රශ්න එළියට ඇදලා අරගන්න කැමැති නැහැ.

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site