IMG-LOGO

පුටින්ගෙන් මෛත්‍රීට ලිපියක්

(ඩයනා උදයංගනී)

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා එය හිටපු ජනාධිපතිවරයාට අද (22) භාර දුන්නේය.

එරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවූ ගැටලුව සමතයකට කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ඉකුත් 05 වන දින යොමු කළ ලිපියට පිළිතුරු ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණි යුරි මැටෙරි මහතා මෙම ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ තෙල් සහ පොහොර අර්බුදය පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

රජය් මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බවද තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට පැවසීය.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය මෙන්ම දෙරටේ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.

එරොෆ්ලොට් ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට රුසියානු රජය අපේක්ෂා කරන සාධනීය පිළිතුරක් ලබා දීමට මැදිහත් වන බවයි.

 



අදහස් (4)

පුටින්ගෙන් මෛත්‍රීට ලිපියක්

Aruna Wednesday, 22 June 2022 08:20 PM

මචං හිටං කියලා පටන්ගෙන ඇති...!

:       14       39

sreeman Wednesday, 22 June 2022 08:34 PM

පුටින් මෙහෙම හිස නමන කෙනෙක් නෙමෙයි බලවත් රටවලට. අපිට කලාට. පුටින් සතුව තිබු වීදියේ බණ්ඩාර පාවිච්චි කළ කඩුවක් මෛත්‍රීට දුන්නා තෑග්ගකට...

:       7       65

fairoos Thursday, 23 June 2022 12:19 PM

නන්දසේන සහ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම තොලොංචිවෙලා ගිය දවසට තමයි ලංකාවට සෙතක් වෙන්නේ...

:       0       2

Bamunuarachchi Thursday, 23 June 2022 06:14 PM

මේ මොකක්ද මේ විකාරේ..? තමන්ගේ ගේ ඇතුලේ විදෙස් තානාපති කෙනෙක් සමග මාස්ක් එකක් දාගෙන කතා කරන්නේ.... සිරිසේන කළොත් කරන්නේ විකාර වැඩක්. සිරිසේනට ෂුවර් නැහැ තමන්ට කොරෝනාද කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site