IMG-LOGO

රේගුව ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපති අතට

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අතින් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (22) සිදුකෙරිණි.  

රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා 2021 පෙබරවාරි මස 24 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සය පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරනු ලැබිණි.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් (ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති) කේ.එම්.එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.

රේගු නිලධාරීන්, රේගු වෘත්තීය සමිති, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සේවාලාභීන්, ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් වසරකට ආසන්න කාලයක් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව කොමිසම නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විත අවසන් වාර්තාව සකස් කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවෙහි ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් වන අතර එය කඩිනමින් පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

කොමිසමේ සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හා රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් විතාරණ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

රේගුව ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපති අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site