IMG-LOGO

නිල ඇඳුමටත් නිගාවක්

(චාපා මධුභාෂිණි)

මැදිරිගිරිය ඉන්ධන පිරවුම් හලෙන් තම යතුරු පැදියට ලබාගත් ඉන්ධන මැදිරිගිරිය රෝහලේ සාත්තු සේවිකාවක ඊට මීටර් 20 පමණ දුරකට යතුරු පැදිය රැගෙන ගොස් එම ඉන්ධන සියල්ලම බූලියකට අදින අයුරු ඒ අසල සිටි පුද්ගලයකුගේ කැමරාවක සටහන් විය.

මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 10කට පසුව ඊයේ (21) ඉන්ධන තොග ලැබුණු අතර එම ඉන්ධන ලබා ගැනීමට අති විශාල පිරිසක් දින 10ක් පුරා පෝලිම්වල සිටිනු දක්නට ලැබිණි.

මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඉන්දික කරුණාරත්න සහ මැදිරිගිරිය මූලික රෝහලේ  වෛද්‍ය අධිකාරි  අනුරසිරි මහතාගේ එකඟතාව මත ඉන්ධන ලබාදීමේදී මැදිරිගිරිය රෝහලේ සියලුම සේවකයනට විශේෂත්වයක් දැක්වීමට අවශ්‍ය පියවරගෙන තිබුණි.

එම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් මැදිරිගිරිය රෝහලේ සාත්තු සේවිකාවක සමූපකාර ඉන්ධනහලෙන් ඉන්දන ලබාගෙන ඊට මීටර් 20 පමණ දුරට ගොස් තවත් අයකුගේ සහායෙන් එසේ ලබාගත් ඉන්ධන බූලියකට ඉවත්කර ගැනීමේ සිද්ධියට නගරවාසීහු සිය අප්‍රසාදය ප්‍රකාළ කළහ.

ඉන්ධන ලබාගැනීමේදී ප්‍රදේශීය ලේකම්වරයාගේ ඉල්ලිම මත මැදිරිගිරිය ප්‍රදේශීය ලේකම්කාර්යාලයේ කිසිදු සේවකයකු ඉන්ධන ලබා ගැනීම සිදු නොකළ බව වාර්තා වෙයි.

රෝහල් සේවකයන්ට ඉන්ධන ලබාදීමේදී මූලිකත්වයක් දී දුන්නේ යම් හෙයකින් රෝහලේ කටයුතු වලට බාධාවක් එල්ල එය ජනතාවට දැඩි ලෙස බලපෑමක් වන බව ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේය.

එවන් වාතාරණයක තුළ මෙවැනි ක්‍රියා සමාජය අනුමත නොකරන බව බොහෝ පිරිස් කියති

මේ සම්බන්ධයෙන් මැදිරිගිය මූලික රෝහල් අධිකාරි අනුරසිරි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කීය. මෙම වංචාවට සම්බන්ධ සුළු සේවිකාව දැනට හඳුනාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරිවරයා දැනුවත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රෝහල් අධිකාරිවරයා සිය කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබාගැනීමට මැදිහත්ව සිටි අයුරු



අදහස් (0)

නිල ඇඳුමටත් නිගාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site