IMG-LOGO

භූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනී

ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැවැසූහ.

භූම්කම්පාවෙන් තුවාල ලබා ඇති පිරිස් 600ක් යැයි මේ වනවිට ගණන් බලා තිබෙන අතර තුවාල ලැබුවන්ගේ සහ මියගිය අයගේ ගණන තවදුරටත් වැඩි වනු ඇතැයි එම නිලධාරීහු බිය පළ කළහ.

ගිනිකොන දිග ඇෆ්ගනිස්තානයට බලපෑ ඇති මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 5.9ක් යැයි වාර්තා වේ.

කඳුකර සහ දුෂ්කර ගම්මානවලට මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී තිබෙන අතර එම නිසා තොරතුරු ලැබීම ද ප්‍රමාද වී ඇත.

මෙම භූමිකම්පාව 2002 වසරෙන් පසු ඇෆ්ගනිස්තානයට බලපෑ දරුණුතම භූමිකම්පාව බව ඇෆ්ගනිස්තාන මෙන්ම විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබේ.

ඇෆ්ගනිස්තානයේ ගිනිකොන දිග නගරයක් වන කෝස්ට් හි කිලෝමීටර 44ක් ඈතින් පිහිටි ප්‍රදේශයකදී භූමිකම්පාව හටගෙන තිබේ. එය පාකිස්තාන දේශසීමාවට ආසන්න යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ ය.

යුරෝපීය - මධ්‍යධරණී භූකම්පන මධ්‍යස්ථානයට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපකාංක 6.9ක් වූ අතර ඇමෙරිකා එක්සත් ජනපද භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානයට අනුව එහි ගණනය කිරීම රික්ටර් මාපකාංක 5.9කි. 

(රොයිටර්)



අදහස් (0)

භූමි කම්පාවෙන් මියගිය ගණන 1,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site