
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි.
මාධ්‍ය හමුවක් පවත්වමින්, පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේය. කාන්තාවන් සහ කුඩා දැරියන්ට එරෙහිව ලිංගික අපරාධ ඉහවහා යෑම බරපතල සමාජීය ගැටලුවක් යැයි ද අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය.
‘‘දිනපතා පන්ජාප ප්‍රාන්තයෙන් ස්ත්‍රී දූෂණ පහක් හෝ හයක් වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගැනීම කළ යුතුයි. නීති දැඩි කළ යුතුයි. ලිංගික හිරිහැරවලට කිසිදු ඉඩක් ලබාදෙිය යුතු නැහැ.’’ යැයි පන්ජාබ් ප්‍රාන්ත ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් මෙවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ ද උද්ගත විය හැක... සියලු බලාපොරොත්තු අහිමි වූ පුද්ගලයින්ගෙන් සදාචාරයක් හෝ විනයක් බලාපොරොත්තු වීම අපහසු වේ...
කාන්තාවන්ට විනීතව අඳින්න පළඳින්න පුරුදු කළා නම් ඕවා නිකන්ම අඩුඔවේවි...!
මහ උදවිය ගිය පාරෙ අනුගාමිකයෝත් යන එක වැරැද්දක්ද?
ටානියා.. මෝඩ කතා කියන්න එපා.. හිසේ සිට දෙපතුල දක්වා වහගෙන ඉන්න පාකිස්තානේ එහෙම වෙන්නේ මොකද? එහෙම බලද්දී ගෑණු සංවරව ඇන්දත් ඒ අපරාධ එහෙමම සිද්ධ වෙනවා.. ඒ වගේම ඇමෙරිකාව වගේ රටවල අපේ රටවල් වගේ ඇඳුම් 3-4 අඳින්නෙත් නෑ. එතකොට එහෙ අපරාධ වැඩියිද? නෑනේ... ඔක්කෝටම හේතුව ලිංගික අධ්‍යාපනයක් නැතිකම... ආගමක් දහමක් නැතිකම..