දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලි මිරර්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට එරෙහිව, නිව්යෝර්ක් ෆෙඩරල් උසාවියේ නඩුව ගොනු කර ඇත්තේ, ‘හැමිල්ටන් රිසර්ව්’ නමැති බැංකුවය.
ශ්‍රී ලංකාවේ සියයට 5.875 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි මුදලක් හිමි මෙම ‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුවට යැයි පැවැසෙයි.
‘හැමිල්ටන් රිසර්ව්ස්’ බැංකුව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකාව මුලික හා පොලී සම්පූර්ණයෙන් ගෙවිය යුතු බව පෙන්වා දෙමින් යැයි ද ‘බ්ලූම්බර්ග්‘ පුවත් සේවය උපුටා දක්වමින් ‘ඩේලිමිරර්‘ පවසයි.
(ඩේලි මිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නැහැ... මොකක් හරි ඉඩම් කෑල්ලක් පෙන්නලා වැඩේ ගොඩ දාලා දෙයි... අර විකුණනසිංහලාට..!
ඇමරිකාවෙන් උපකාර ගත්තොත් ඔහොම තමයි. හරිම භයානක රටක්... ඉතා ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි. ලෝකයේ කිසිම රටකට ඔළුව උස්සන්න දෙන්නේ නෑ. මොකක් හරි අංචියක් අදිනවා..!
මේ නය ගත්තු පාලකයො කවුද යන්න රටට හෙලි කර මෙම නඩුවට අදාල පුද්යන් යවන්න කටයුතු කරන්න ණය අරන් රට විනාස කරල දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියක් නෑ. කයිවාරුනම් ගහනව ස්වයිරී රටක් ස්වාදීනව කටයුතු කරනව කියල ලෝකෙට නය වෙලා ඔය කයිවාරු වලින් වැඩක් තියෙද. මෙව තමා කරපු හපන් කම්.
ණය වෙලා අසාර්ථක ව්‍යාපෘති කරපු නායකයෝ නීතිය හමුවට ගෙනත් ඔවුන්ගේ දේපළ, වත්කම් රාජසන්තක කර මේ ණය ගෙවලාවත් රටේ ගෞරවය ආරක්ෂා කරගන්න..
ඒ කියන්නේ අපි ණයවෙලා තියෙන්නේ ඇමෙරිකාවට. චීනෙට නෙමෙයිද?
රටෙ ජනපති , හිටපු මුදල් අමති යන දෙනා අමරිකන් කාරයෝ නිසා ඇමරිකවට අාම ඔවුන්ව අල්ල ගන්න.
මේව ගත්ත එවුන්ගෙ දේපල විකුනල ගෙව්වනම් ඉවරයි, මොකාද ගත්තෙ.
අගමති දූරය බාරගත්තගමන් අමෙරිකාවෙ ජනාධිපතිතුමා එක්ක පත්තරේ පින්තුර දාගෙන ලොකු නැටුමක් නැටුවෙ මෙකට වෙන්න අති.
ලොකු පූජාවක් තියලා, තොවිලයක් නටලා කන්නලව්වක් කෙරුවොත් නේද හොඳ?
දැන් දවස් කිහිපයකට කලින් රනිල් කිව්වා ඇමෙරිකාවෙන් උපරිම සපෝට් එකක් දෙනවා කියලා ජෝ බයිඩ්න් පොරොන්දු වුණා කියලා එහෙම.. අතේ පත්තුවෙන බොරුමයි දැන් මෙයා කියන්නෙත්...!