අධිකරණ පනත් දෙකකට උපදේශක කාරක සභාවේ අනුමැතිය
ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දෙවනවර කියවීමට නියමිතව ඇති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය ලැබී ඇත.