සඳුදා සිට සති දෙකක් නිවසේ සිට වැඩ
රජයේ සේවකයන්ට ලබන සඳුදා (20 වැනිදා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛය නිකුත් කළේය.