මිලින්ද මොරගොඩ ඉන්දීය තෙල් ඇමැති හමු වෙයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ ඛනිජ තෙල්,ස්වභාවික වායු,නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී හර්දීප් සිං පූරි මහතා සමග හමුවක් නවදිල්ලි නුවර නිවාස හා නාගරික කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණ. 28 June 2022
නව අමාත්‍යංශයක් එයි තාක්ෂණ අමාත්‍යාංශය ලෙස නව අමාත්‍යාංශයක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. 28 June 2022
දුම්රිය ගාස්තු ඉහළට දුම්රිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. 28 June 2022
ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි මාරවිල තුම්මෝදර ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කර ගබඩා කර තිබූ ස්ථානයක් වටලා එහි ගබඩා කර තිබු ඩිසල් ලිටර් 900 ක් සොයා ගත් බව මාරවිල පොලිසිය කියයි. 28 June 2022
සංස්ථාව සතු ඉන්ධනහල් විකුණනවාට දැඩි ලෙස විරුද්දයි රටේ පවතින දැඩි අර්බුදකාරී වාතාවරණය තුල ආණ්ඩුව සැලසුම් කර ඇති තෙල් සංස්ථාව සතු ඉන්ධනහල් විකුණන ක්‍රියාවලියට දැඩි ලෙස විරෝධය පළකරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 28 June 2022
ගෙලකපා ගඟට දැමූ සැකකරු අල්ලයි අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසක් තුළ කපු මහතෙක් තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඔහුගේ හිස රැගෙන ගොස් නිලවලා ගඟට දැමූ බව කියන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 June 2022
පළාත් රැසකට වැසි රහිත කාලගුණයක් දිවයිනේ පළාත් කිහිපයක හැර සෙසු ප්‍රදේශවල අද (28) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 June 2022
‘‘අර්බුදය දඩමීමා කරගෙන ආයතනවලට අත තබනවා‘‘ රට තුළ ඇති අර්බුදය භාවිතා කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැනි ආතයනවලට අත තැබීමට පාලකයන් කටයුතු කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 27 June 2022
වේවැල පසක දමා සුක්කානම අතට ගත් විදුහල්පති පාසලට පැමිණිමේදී ප්‍රවාහන අපහසුතා ඇති තම පාසලේ දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කර අධ්‍යාපනයේ දෙවීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්පතිවරයා කටයුතු කරයි. 27 June 2022
දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු ලංකාදීපයට පැවැසීය. 27 June 2022
නගරබද පාසල් ජූලි 10 තෙක් වහයි බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලුම පාසල් සහ අනෙකුත් පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජූලි 10 දක්වා වසා තැබීමට රජය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 27 June 2022
මාස 5ට ඩොලර් බිලියන 5ක ආදායමක් මෙම වසරේ ජනවාරි සිට මැයි මස දක්වා මාස 5 ක කාලය තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 5 ක අපනයන අදායමක් උපයා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 27 June 2022
නඩු කටයුතුත් සීමා වේ අතවශ්‍ය නඩු කටයුතු වෙනුවෙන් පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන ලෙස අධිකරණ සේවා කොමිසම සියළු අධිකරණ විනිසුරුවරුන් වෙත චක්‍රලේඛණයක් මඟින් දැනුම් දී ඇත. 27 June 2022
අඹ කඩන්න ගිය සාජන් මේජර් විදුලි සැරෙන් මරුට ගිරිඋල්ල හමන්ගල්ල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිසකට පැමිණි 46 හැවිරිදි සාජන් මේජර්වරයකු එම නිවසේ ගෙවත්තේ තිබූ අඹ ගසක ගෙඩි කඩන්නට ගොස් අධිබලැති විදුලිය වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 27 June 2022
රුසියානු තානාපති - ජනාධිපති හමුවෙයි රුසියානු තානාපති යූරි මැටේරි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී අද (27) පස්වරුවේ හමුවූහ. 27 June 2022
ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න රටතුළ තිබෙන මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් ඉන්ධන සැපයුම සඳහා සමාගම්වලට ගෙවීමට ඇති මුදල් සැලැස්මක් ඇතිව ගෙවීමට මහ බැංකු අධිපතිවරයා එකඟ වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 27 June 2022
ඉන්ධන හුටපටයෙන් තරුණයාට පිහි පහර මතුගම IOC ඉන්ධන පිරවුම් හලේ අද පස්වරුවේ දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් තියුණු අයුධයකින් පහරකෑමට ලක්වූ පුද්ගලයකු රෝහල් ගත කළ බව මතුගම පොලිසිය පවසයි. 27 June 2022
ඇමති පාඨලීට එරෙහි නඩුවේ විරෝධතාවලට දින දෙයි රාජගිරිය ප්‍රදේශයේ දී අනතුරක් සිදු කොට තරුණයකුට බරපතල තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහි නඩුවේ මූලික විරෝධතා ජූලි මස 18 වැනිදා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා අද නියම කළේය. 27 June 2022
රජයේ සමස්ත ණය ඉහළට ශ්‍රී ලංකාවේ 2022 මාර්තු මාසය අවසන් වන විට මධ්‍යම රජය විසින් ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 21,696.6 ක් බව මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පේනවා දෙයි. 27 June 2022
හෙට සිට පෞද්ගලික වාහනවලට ඉන්ධන නෑ අද (28)සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කර ඇත. 27 June 2022
විදුලි බිල සියයට 57කින් ඉහළට? විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය. 27 June 2022
අධ්‍යාපනයේ වැඩ බලන්න බන්දුලට පවරයි වැඩබලන අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (27) දිවුරුම් දුන්නේය. 27 June 2022
විරෝධතාකරුවෝ බලශක්ති අමාත්‍ය ලේකම් සිරකරති ඉන්ධන පිරවුම්හල් විදේශීය සමාගම්වලට ලබාදීමට කර ඇති යෝජනාවට විරුද්ධය දක්වමින් ඛනිජ සංස්ථාවේ සේවකයන් පිරිසක් කොළඹ 7, මල් පාරේ පිහිටි බලශක්ති අමාත්‍ය පරිශ්‍රය තුළ විරෝධතාවක් අද (27) පස්වරුවේ පැවැත්වූහ. 27 June 2022
රඹුක්කන එස්.එස්.පීගේ ඇප දීම නීතිපති විරුද්ධයි රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීමට විරුද්ධ බව නිතිපතිවරයා අභියාචනාධිකරණයට අද (27) දැනුම් දුන්නේය. 27 June 2022
බයිඩ්න්ගෙන් ගෝඨාභයට පණිවිඩයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගෙන ඇති සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යෑමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහය දෙන බව මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික ඉහළ පෙළේ දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (27) පොරොන්දු වූහ. 27 June 2022
ඉන්ධන ලෙල්ලටම හිදෙයි ඉන්ධන පිරවුම්හල්වලට අද (27) දිනයේ ඉන්ධන තොග ලබානොදෙන බවත් ඔක්ටේන් 95 පෙට්‍රල් ඉතාම සුළු ප්‍රමාණයක් පමණක් බෙදාහරි බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
පිරිසක් ඉන්ධන ‘ටෝකන්’ එකට විරුද්ධයි ත්‍රිවිධ හමුදාව මේ වන විට ක්‍රියාත්මක කර ඇති ඉන්ධන ලබාගැනීමේ ‘ටෝකන්’ පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයට දැඩි විරෝධය පළකරන බවත් මෙම ‘ටෝකන්’ ක්‍රමය ඉතාමත් අසාර්ථක ක්‍රමයක් බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 June 2022
කංචන - නසීර් කටාර් යති විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරු ඉන්ධන සහ ශ්‍රමිකයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කටාර් රාජ්‍ය බලා අද (27) පස්වරුවේ පිටත්ව යෑමට නියමිතය. 27 June 2022
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,සී.අයි.ඩීයට ප්‍රදානයක් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය,ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයක් පමණ වටිනා පරිගණක,පරිගණක උපාංග,කාර්යාලීය ගෘහ භාණ්ඩ සහ යතුරු පැදි ප්රදානය කළේය. 27 June 2022
දෙදරු පියාගේ ගෙල කපා නිල්වලා ගඟට විසිකරයි අකුරැස්ස තිබ්බටුවාව ප්‍රදේශයේ නිවසකදී තියුණු ආයුද යකින් එල්ල කර පියා මරා මව සහ දියණියක බරපත තුවාල කර ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි. 27 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026