රටපුරා රෝහල් අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වේ? ඉන්ධන අර්බුදය හේතුවෙන් රට පුරා රෝහල්වල ප්‍රතිකාර කටයුතු අත්‍යාවශ්‍ය සේවාවලට පමණක් සීමාවීමේ තත්වයක් උද්ගත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 26 June 2022
නාලක ආණ්ඩුව පට්ට ගහයි මේ ආණ්ඩුවටත් රටේ ප්‍රශ්න විසඳීමට පුළුවන් වගක් නොපෙනෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය. 26 June 2022
වජිරගෙන් තව අනාවැකියක් රට ගොඩනැගීමට සියලු දෙනා සහයෝගය දුන්නොත් ලබන නොවැම්බර් මාසය වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) පැවසීය. 26 June 2022
ඉන්ධන හුටපටයකින් පොල්පිතිගම රෝහල වැසෙයි දොස්තරවැරන්ට පමණක් තෙල් දී සුලූ සේවකයන්ට තෙල් නොදීමට පොල්පිතිගම සමුපකාර ඉන්ධනහල් සේවකයින් කටයුතු කිරීම නිසා ඊට එරෙහිව රෝහල් කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්ව යාම හේතුවෙන් පොල්පිතිගම මූලික රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බාහිර රෝගිහු දැඩි අසරණතාවයකට පත්වූහ. 26 June 2022
විදුලි කප්පාදුව තවත් පැය භාගයකින් වැඩි වේ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව පැය 3 කක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පස්වරුවේ පැවසීය. 26 June 2022
පෝලිම්වල සිටින ජනතාවට ‘ටෝකන්’ ඉන්ධන බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් අසළ මේ වන විට පෝලිම්වල රැදී ජනතාවට ත්‍රිවිධ හමුදාවේ මැදිහත්වීමෙන් ‘ටෝකන්’ පතක් දී නිවෙස්වලට පිටත්කර හරින බවත් අදාල ඉන්ධන පිරවුම්හලට ඉන්දන ලැබුණු පසු දුරකථනය හරහා දැනුවත් කර ඉන්ධන ලබාදෙන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 26 June 2022
පී.සී යතුරු පැදියෙන් අධිවේගී මගේ ගොස් කාරයක හප්පලා කොළඹ පිටත වටරවුම් මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් අනතුරුදායක ලෙස ධාවනය කරමින් සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමට සලසවා අනතුරක් සිදුකළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව දක්ෂිණ අධිවේගී අතුරුගිරිය රථ වාහන අනු පාලක මධ්‍යස්ථානය කියයි. 26 June 2022
රාජ්‍ය ආයතනවලට සේවකයින් කැදවීම ගැන චක්‍රලේඛයක් රජයේ කාර්යාල වෙත සේවකයන් කැඳවීම සීමා කිරීමේ තවත් චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. 26 June 2022
ත්‍රිවීල් ගාස්තුත් ඉහළට පෙට්‍රල් මිල ඉහළ යෑම හේතුවෙන් දෙවැනි කිලෝමීටර සඳහා අය කළ රුපියල් 80 රුපියල් 90 දක්වා රුපියල් 10 කින් ඉහළ දැමූ බව බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 26 June 2022
අලුත් හාල් හෙට වෙළෙඳපොළට වෙළෙඳ පොලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හා ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ සහල් පාරිභෝගිකයාට ලබා දීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලයේ දැනට ඇති වී තොග උපයෝගී කර ගනිමින් සකස් කළ’’ PMB RICE’’ වෙළෙඳ පොළට නිකුත් කිරීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් හෙට (27) සිදු කෙරේ. 26 June 2022
හෝමාගම නිවසේ ගින්නෙන් රෝහලේ සිටි මවත් මරුට හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පහල මාලයේ කාමරයක් තුළ ඇති වූ ගින්නෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි මවද අද (26) මියගොස් ඇතැයි පොලීසිය කියයි. 26 June 2022
ඉන්ධන වංචාවක් ගැන කියයි ප්රදර්ශනාගාරවල විකිණීමට තබා තිබෙන යතුරු පැදි හිතවත් පුද්ගලයන්ට ලබා දී ඉන්ධන රැස්කර ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක් සිදු වන බව බණ්ඩාරගම ඉන්ධනහල් හිමිකරුවෝ පවසති 26 June 2022
‘බේකරි නිෂ්පාදන මිල ඉහළ දාන්නෙ නෑ‘ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව කිසිදු විශේෂ තීරණයක් නොගන්නා බවත්බේකරි නිෂ්පාදන වල මිල තවදුරටත් වැඩි කිරීමේ හැකියාවක් නොමැති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 26 June 2022
මිද්දෙණියේ වෙඩි තැබීමකින් මල්ශාලා හිමිකරු මරුට මිද්දෙණිය නගරයේ මල්ශාලාවක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයකුට අද පෙරවරුවේ නාඳුනන පිරිසක් වෙඩි තබා මරාදමා ඇතැයි මින්දෙණිය පොලිසිය කියයි. 26 June 2022
පුත්තලම කළු කඩේ තෙල් ලීටරයක් 1000යි පුත්තලම මූලික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තම මෝටර් රථවලට පෙට්‍රල් ලීටරයක් රුපියල් දහසක මිලට අවස්ථා දෙකකදී මිලට ගෙන ඇතැයි වාර්තා වේ. 26 June 2022
බස් ගාස්තු ලබන 1 වැනිදා සිට ඉහළට බස් ගාස්තු ලබන ජූලි මස 1 වැනිදා ඉහළ දැමීමට නියමිත බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා පැවසීය. 26 June 2022
මීමුරේ ගමන දම්බඩෙන් නතර වෙයි වාරියපොළ මීමුරේ ගම්මානය නැරඹීමට යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හුන්නස්ගිරිය - මීමුරේ මාර්ගයේ දම්බඩේ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් 19 හැවිරිදි විවාහක කතක් මිය ගොස් තවත් 6 දෙනෙකුට තුවාල සිදු වී ඇත. 26 June 2022
කොත්තු-බත්-රයිස් මිල සියයට 10 කින් ඉහළට කොත්තු, බත් පැකට්ටුවක් සහ රයිස් ඇතුළු සියලුම ආහාරවල මිල සියයට 10 කින් පමණ ඉහළ දමන බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 26 June 2022
දෙහිවල ’’යාලුවන්ට’’ සුබ ආරංචියක් මෙම වසරේ ඉදිරි මාස පහ සඳහා දෙහිවල සතුන්වත්තේ සිටින සතුන්ට ආහාර සැපයීමට රුපියල් මිලියන 20ක මුදලක් ලබා දීමට මහා භාණ්ඩාගාරය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 26 June 2022
බිරිය මරා සැමියා පොලීසියට බාර වෙලා පොරවකින් පහර දි බිරිද ඝාතනය කළ සැමියා අද (26) අලුයම නුවරඑලිය පොලිසියට භාර වු බව නුවරඑලිය පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා පැවසිය. 26 June 2022
හැටන් ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව වහයි හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ සහ අයි.ඕ.සි ඉන්ධන පිරවුම්හල් වල සංචිතයේ ඩිසල් සහ පෙට්‍රල් ඉන්ධන නොමැති විම නිසා ඉන්ධන පිරවුම්හල් තාවකාලිකව අද (26) වසා දැමිමට ඉන්ධන පිරවුම්හල් කලමණාකාරිත්වය පියවර ගත්තේය. 26 June 2022
පලාවිය ලුණු සමාගමේ සිර කර සිටි පිරිස පොලිස් මැදිහත්වීමෙන් එළියට පුත්තලම - පාලාවිය ලුණු සමාගමේ සේවයින්ගේ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සේවකයින් විසින් සිර කරගෙන සිටි ගණකාධිකාරීවරයා ඇතුළු පාලක මණ්ඩලයේ සිව් (04) දෙනෙකු අද ( 26 ) අලුයම මුදා ගත්බව පුත්තලම පොලීසිය කියයි. 26 June 2022
ඉන්ධන මිල වැඩිවීමෙන් දඹුලු ආර්ථිකයේ වෙළදාමට බාධා ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑම හේතුවෙන් ගොවීන්ට ව්‍යාපාරිකයන්ට අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණි පිරිස් අද (26) උදෑසන පැවසූහ. 26 June 2022
ඉන්ධන මිල මහා රෑ වැඩි වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (අයි.ඕ.සී.) අද (26) අලුයම සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබේ. 26 June 2022
පළාත් කීපයකට අදත් ටික ටික වැසි සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 June 2022
ණය කාඩ්පත් පොලිය වැඩි කරයි ශ්‍රී ලංකා වාණිජ බැංකු කිහිපයක් ණය කාඩ්පත් සඳහා අයකරනු ලබන පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වෙයි. 26 June 2022
එක්සත් ජනපද නියෝජිත පිරිස මෙරටට පැමිණෙති ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික, මූල්‍ය සහ සමාජීය අර්බුදකාරී පිළිබඳව සොයා බැලීම සදහා සිව් දෙනෙක්ගෙන් යුතු ඇමෙරිකානු රාජ්‍ය දූත පිරිසක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණහ. 26 June 2022
මස්කෙළියට දින නවයකින් පෙට්‍රල් නෑ මස්කෙළිය නගරයේ පිහිටි එකම ඉන්ධන පිරවුම් හලට දින 09 කින් පෙට්‍රල් නොලැබුණු බව පවසමින් මස්කෙළිය ප්‍රදේශයේ ත්‍රීවිල් රථ රියදුරෝ මස්කෙළිය ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වූහ. 25 June 2022
කතගේ ලැමෙන් කෝටියක රන් මතු වේ රුපියල් එක් කෝටි දස ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන, නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බ රේගු නිලධාරීහු පවසති. 25 June 2022
එකට බීලා මරා වැසිකිළිවළේ දාලා මහරගම නාවින්න නිවාඩු නිකේතනයක් පිහිටි භූමියකදී ඉස්කැවේටර් රියදුරකුට පහරදී ඝාතනය කර වැසිකිලි වළක සැඟවූ බව කියන මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි 25 June 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026