(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉක්මන් ජනාධිපතිවරණයකට යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉඩ ප්‍රස්ථාව සැලසීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අනුප්‍රාප්තිකයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජාතික ආරක්ෂාවට බලපාන කාරණා සම්බන්ධයෙන් හෝ වෙනත් දේශපාලන කරුණු සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට අවශ්‍ය නම් නව ජනවරමක් ලබා ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
ජයසුමන මහතා මෙසේ පැවසුවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරකසභා අවස්ථා විවාදයේදීය.
COMMENTS
එහෙමද? මෙයා ගිය පාර වද සැත්කම් කියමින් ජාතිවාදය අවුස්සලා ඡන්දය දිනුවා. මේ පාර ආයිත් මොනවාද අවුස්සන්න යන්නේ?
බොහොදෙනා කියන්නේ ඔයගොල්ලන්ගේ විපත්මග තමයි රටටයි පක්ෂයට බොහොමයක් ප්‍රශ්න ඇති කළේ කියලා.
ලොක්කො ගෝඨාභය දිනුවෙ නුඹලා එකතුවෙලා අමතරව නයිත් නටවලා ජනතා මනාප ලක්ෂ හැටනවයක් අරගෙන කියලා අමතකද ඉතින් ආපු කෙනා දීලා ගියේ ඔහුට බැරිනිසා වත්මන් ජනාධිපතිවරයාට එම කාලය අවසන් වෙනතුරු ඉන්න පුළුවන්. ඔහුට බලය ලැබුනෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිසා ඔහුට රාජකාරි කිරීමට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහොම අදහස් කියන්නෙ මහාචාර්ය වුනත් නොදන්නා කමට කියලා ජනතාව දන්නවා. නිහඩව සිටියොත් පංඩිතයා කතා කලොත් මෝඩයා කියන්නෙ ඕකට තමයි මහත්තයෝ .ඉස්සර කියමනක් තිබුනා කනකොක් සුද පේන්නේ ඉගිලෙන විටලූ කියලා. ඔහේගෙන් පේන්නෙ ඒකෙ අනෙක් පැත්ත