ශ්‍රී ලංකාවට සහය දෙන්න ජපානයත් පොරොන්දු වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භවී ඇති වැඩසටහනට හා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහය වන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිසුකොෂි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු විය. 01 July 2022
විදුලියට ඩීසල් ගන්න අයි.ඕ.සී එක්ක සාකච්ඡාවක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් (අයි.ඕ.සී) විදුලිය ජනනය සඳහා ඩීසල් මෙට්‍රක්ටොන් 7000 ක් ලබාගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 01 July 2022
බලශක්ති ඇමති බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරිය සමඟ සාකච්ඡා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බලශක්ති අර්බුදය පිළිබඳව සාකච්ඡා කළේය. 01 July 2022
වාර්තාගත ලෙස උද්ධමනය ඉහළට ශ්‍රී ලංකාවේ අධි උද්ධමන තත්ත්වයක් ඇති වී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසයි. 01 July 2022
නේවාසික රෝගීන්ට ආහාර සැපයුමත් සීමා වෙයි ආහාර ද්‍රව්‍ය මිල ඉහළයාම සහ ගෑස් අර්බුදය හේතුවෙන් රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන්ට ආහාර සැපයීම ද ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ. 01 July 2022
සෞඛ්‍ය දෙන තෙල් ගන්න ටෝකන් දුන් අයත් ඇවිත් ගම්පහ සමූපකාර ඉන්ධන පිරවුම්හලට ලැබී තිබූ පෙට්‍රල් ලීටර් 6600 ක ප්‍රමාණයක් අද (1) දිනයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලබාදීමට යාමේදී ටෝකන්පත් ලබාදී තිබූ පිරිසක්ද ඉන්ධන ලබාගැනීමට පැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත විය. 01 July 2022
‘‘21 බලාපොරොත්තු වූ ආකාරයේ එකක් නොවෙයි‘‘ ආණ්ඩුව 21 වැනි සංශෝධනය ගෙනැවිත් පිරිසිඳුවීමට උත්සාහ කළත් එය ජනතාව බලාපොරොත්තු වූ ආකාරයේ සංශෝධනයක් නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය. 01 July 2022
සහන දෙන්න බිලියන 200ක් වෙන් කරයි දිවයින පුරා සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමට රජය රුපියල් බිලියන 200ක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම , වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 01 July 2022
සැඟවූ ලාෆ් සිලින්ඩර් 50ක් අත්අඩංගුවට හෝමාගම කුලසිරි කුමාරගේ මාවතේ නිවසක සඟවා තිබූ ලාෆ් ගෑස් සිලින්ඩර් පනහක් සමග අඹු සැමි යුවලක් ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි . 01 July 2022
විදුලි ගියොත් හදන්න ප්‍රමාද වෙයි රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් හදිසි විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. 01 July 2022
මව දරු දෙදෙනා සමග වැවට පනී ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසලින් මවක සිය දරුවන් දෙදෙනා සමග වැවට පැන ඇතැයි පොලිසිය කියයි. 01 July 2022
සෞඛ්‍ය කාර්ය මණ්ඩල අදත් පෝලිම්වල රෝහල් හා සෞඛ්‍ය ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලවලට ඉන්ධන ලබාදීම සඳහා අද (1) රටපුරා ඉන්ධන පිරවුම්හල් 92කදී සිදුකෙරුණු අතර, ඒවායින් ඉන්ධන ලබාගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඊයේ (30) රාත්‍රියේ සිටම දිගු පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු රැසක් ද අඩාල වූ බව වාර්තා විය. 01 July 2022
කන්දකාඩු බලන්න මානව හිමිකම් කොමිසම යයි වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ පසුගියදා ඇති වු සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කරන බව එම කොමිසම් ආරංචි මාර්ග පවසයි. 01 July 2022
දුම්රිය යළි ටික ටික ධාවනයට දුම්රිය නියාමකයන් සේසයෙන් ඉවත්වීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 01 July 2022
‘‘බොහෝ පිරිසක් කෑම බලලා වතුර බීල යනවා‘‘ රටපුරා හෝටල් සහ ආපනශාලාවලින් සියයට අසූවක් පමණ ඉන්ධන සහ ගෑස් ප්රශ්නය හේතුවෙන් මේවනවිට වැසීගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 01 July 2022
දෙවිනුවර පංච පුද්ගල ඝාතනයට හයක් පෝරකයට මීට වසර 22කට පෙර නඩු විභාගයට සහභාගී විම සඳහා යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකට වෙඩි තබා පස් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ දකුණේ ප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන චමිල් නමැත්තා ඇතුළු හය දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා මරණ දඬුවම නියම කළේය. 01 July 2022
කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්වයක් ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය සේවකයන් සේවය වාර්තා නොකිරීම හේතුවෙන් අද (01) පෙරවරුවේ සිට දුම්රිය රැසක් අවලංගු කිරීමෙන් අපහසුතාවට පත්වූ ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන්කාරීව හැසිරෙන බව වාර්තා වේ. 01 July 2022
දුම්රිය සේවකයෝ වර්ජනයේ දුම්රිය නියාමකයන් සහ එනජින් රියදුරන් වාහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ආරම්භ කළ බව දුම්රිය වෘත්තිය සමිති පවසයි. 01 July 2022
මර්වින් ශ්‍රීලනිපයට කරනමක් ගහයි හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන මර්වින් සිල්වා මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගත්තේය. 01 July 2022
රුසියාවේන් සුබදායි ප්‍රකාශයක් රුසියාවේ සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති යූරි මැටෙරි මහතා ප්‍රකාශ කළේය. 01 July 2022
සෞඛ්‍යයට තෙල් දෙන්න නොදී විරෝධයක් ගාලු කොටුව ඉන්ධන පිරවුම්හළ අසළ ඉන්ධන ගැනීමට ආ පිරිසක් විරෝධතාවක නිරතව සිටිති. 01 July 2022
දෙවෙනි පර්යන්තයේ ඉදිකිරීමට ඉන්ධන ඇමතිගෙන් කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කරන ජපන් සමාගමට ඉන්ධන සැපයිමට මෙරට ඉන්ධන තොග ගබඩාකරුවන් (Oil bunkering) එකඟතාව පළ කර ඇත. 01 July 2022
ලංකා වතු සේවක සංගමයේ සභාපති නිශාන්ත ලංකා වතු සේවා සංගමයේ සභාපති නිශාන්ත වන්නිආරච්චි මහතා තේරී පත්ව ඇත. 01 July 2022
නීතිඥයෝ අලුත්කඩේ සත්‍යග්‍රහයක නීතිඥ ප්‍රජාව සංවිධානය කරන ලද සංකේතාත්මක සත්‍යග්‍රහයක් කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට අද (01) පැවැත්වේ 01 July 2022
මෝල්කාරයෝ අපායේ දොර දැක කෑ ගහනවා සමහර වී මෝල් කාරයන් මිනිසුන්ගේ දුක දැක අද බොරුවට කෑ ගහන්නේ ඔවුනට අපාය පෙනෙන නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 01 July 2022
ලංකාවට එන යූරියා බෙදන හැටි හෙලි කරයි යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ටත් යුරියා පොහොර නිකුත් කරන ලෙස කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල බලධාරින්ට උපදෙස් දුන්නේය. 01 July 2022
මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වෙයි ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජතා්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට සහභාගි වී සිටින ඇන්ජලෝ මැතිව්ස් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 July 2022
දුම්රිය 26 ක් අවලංගු කරයි දුම්රිය සේවකයන් නොමැතිවීම නිසා අද (01) දිනයේ දුම්රිය 26 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 01 July 2022
නිරිතදිග මෝසම් සක්‍රීය වේ නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයවීම හේතුවන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්රමේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වය වැඩිවීම තවදුරටත් බලාපොරොන්තු වේ. 01 July 2022
ඇඟළුම්හල් 200 මකර කටේ සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200 ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු ප්‍රශ්න හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 01 July 2022
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026