පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය. 20 January 2023
ජයිශංකර් මහින්ද අතරත් හමුවක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් අද(20) පැවැත්වින. 20 January 2023
බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක් බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44 ක සහ රතු බිත්තරයකට රුපියල් 46 ක උපරිම මිලක් පනවූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (20) පැවසීය. 20 January 2023
සංවර්ධනයට තරුණ ’’හයිය’’ ගන්නවා සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 January 2023
මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා ඉතා ප්රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 January 2023
වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ක්‍රීඩා ඇමැතිට දැනුම් දෙනවා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී ඇති බලපෑම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ඒ පිළිබඳ තම ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (20) දැනුම් දුන්නේය. 20 January 2023
විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන කොමිසමේ තීරණය තවම නැහැ විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ඉක්මනින්ම දැනුම් දිය යුතු බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට ඊයේ (19) දැන්වූහ. 20 January 2023
ලොව විශාලතම මැඩියා සොයාගනියි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 20 January 2023
මුජිබර්ගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද (20) දැනුම් දුන්නේය. 20 January 2023
ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 January 2023
රුසියානු තානාපති විජයදාස අතර හමුවක් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් සැගර්යාන් මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි. 20 January 2023
වැරදි කළ ඒජන්සිකරුවෝ කෝටි 4ක් ගෙවති විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සිවලින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් (38,087,000) පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇතැයි එම කාර්යංශය පවසයි. 20 January 2023
ප්‍රාදේශීය ඡන්දෙන් පස්සෙ පළාත් සභා තියනවා මැතිවරණයට නාමයෝජනා දුන්නේ මැතිවරණය කල් දැමීමට නොව මැතිවරණය පැවැත්වීම සදහා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 20 January 2023
සුමිත්‍රාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේ දී හෙට (21) පස්වරුවේ සිදුකිරීමට නියමිතය. 20 January 2023
රුමේනියා රැකියා පෙන්වා මුදල් ගැරූ ඒජන්සියට නඩු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව මාරවිල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රැකියා නියෝජිතායතනය වටලා අත්අඩංගුවට ගත් එහි හිමිකරු ඇතුඵ සැකකරුවන් දෙදෙනා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරී බවත් වැඩිදුර නඩු විභාගය ලබන ජූනි මස 21 වැනිදා කැඳවීමට නියමිත බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 20 January 2023
මුදල් අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂනයක් පීඩක අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන් වෘත්තී සමිති ඒකාබද්ධව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිට අද (20) පැවැත්වේ 20 January 2023
ආසන පටි නැතිව ගිහිල්ලා: බ්‍රිතාන්‍ය අගමැති සමාව ගනී සමාජ මාධ්‍ය වීඩියෝවක් රූගත කරමින්, ආසන පටි නොමැතිව, මෝටර් රථයක ගමන් කිරීම සම්බන්ධයෙන්, බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය රිෂී සුනාක් ජනතාවගෙන් සමාව ඉල්ලීමක් කළේය. 20 January 2023
මත්වතුර බෝතල්වල හොර ස්ටිකර් ඇලවීමේ ගැන පරීක්ෂණයක් මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජික් සියඹලාපිටිය මහතා පැවසීය. 20 January 2023
ණය ප්‍රතිව්‍යුහගත කරන්න අත දුන් පළමු රට ඉන්දියාවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නිල වශයෙන් සහයෝගය ලබා දුන් ප්‍රථම රට බවට ඉන්දියාව පත් වූ බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (20) උදෑසන පැවති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවේය. 20 January 2023
විදේශ කාර්යාංශයේ දූෂණ වංචා රැසක් හෙළිවෙයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා රැසක් පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 20 January 2023
ජයිශංකර් අලි සබ්රි හමුවෙයි දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අතර හමුවක් ඊයේ(19) පැවැත්වින. 20 January 2023
යල කන්නයේ සිට මඩ පොහොර නොමිලේ වී වගාව සඳහා අත්‍යාවශ්‍ය රසායනික පොහොර විශේෂයක් වන මඬ පොහොර හෙවත් Triple Super Phosphate (TSP) පොහොර එළැඹෙන යල කන්නයේ දී දිවයිනේ සියලුම ගොවීන්ට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 20 January 2023
මුජුබර් මන්ත්‍රී ධුරයෙන් අස්වෙයි සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගර සභාවේ නගරාධිපති ධූරයට තරග කිරීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් අද පෙරවරුවේ ඉල්ලා අස් විය. 20 January 2023
නැගෙනහිරට - ඌවට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලට ඉදිරි දිනවලදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 January 2023
හෝටලය පිටුපසින් අත් බෝම්බයක් මතු වේ මිහින්තලේ ප්‍රදේශයේ හෝටලයක් පිටු පස වළ දමා තිබු බව කියන , විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් සොයා ගැනීමට විශේෂ කාර්ය බළකාය සමත් විය. 20 January 2023
බේකරි බාස් මැරූ බේකරි බාස් වසරකට පසු අල්ලයි එකම ගමේ පදිංචි කුළුපග මිතුරා බේකරිය තුළදී ඝාතනය කිරීමට යොදාගත් උල් පිහිය වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ අතහැර දමන ලද වැසිකිළි වළක සඟවා වසරක් තිස්සේ සැඟවී සිටි පුද්ගලයකු නුගේගොඩ බේකරියක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි. 20 January 2023
කෝටි හතරකට විද්ද සණස බැංකු සභාපති අල්ලයි කටුගස්තොට කහල්ල කළුගල සණස බැංකු සංගමයේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි හතරකට වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් සමඟ අතුරුදහන්ව සිටි එම බැංකු සංගමයේ සභාපතිවරයා පොලිසිය වෙත භාර විමෙන් පසු කටුගස්තොට පොලීසිය මගින් අද අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 20 January 2023
අද දිනයේ දෙවන දුම්රියත් පීලි පනී මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේදී දුම්රියේ එංජිම පීලි පැනීමකට ලක්ව තිබේ. 19 January 2023
කොළඹ සරසවියේ පුංචි සිසුවිය සමු ගනී සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයම හඬවා අද මළහිරුබැස යන සන්ධ්‍යවේ සමුගත්තේය. 19 January 2023
පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා ප්‍රාදේශීය දේශපාලනාඥයකු එම පැල්පතට ගිනි තබා ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. 19 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026