අධිවේගී මගේ රියැදුරා සිසුවියක කෙලෙසලා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි. 21 January 2023
’’මිනිස්සු සල්ලි නොදුන්නොත් හිරේ යනවා’’ නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 January 2023
ගම්පහ හතක් ප්‍රතික්ෂේප වේ පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල මහතා පවසයි. 21 January 2023
අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි නුවරඑළිය රදැල්ලේදී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය. 21 January 2023
සුමිත්‍රා රාජ්‍ය ගෞරව සහිතව දැයට සමුදෙයි සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේ දී අද (21) පස්වරුවේ සිදුකෙරිණි. 21 January 2023
හම්බන්තොට පක්ෂ දෙකක නම් ප්‍රතික්ෂේප වේ හම්බන්තොට දිස්ත්‍රික්කයට පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා කියයි. 21 January 2023
ඕතේ කැලෙන් ගිනි අවියක් මතු වේ ජාඇළ ඕතේ කැලේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 21 January 2023
කහ සහ සිගරැට් තොගයක් මහබාගෙන් අල්ලයි තීර බදු නොගෙවා ආනයනය කළ කහ කිලෝ 12250ක් සහ විදේශීය දුම්වැටි 280000ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි. 21 January 2023
තට්ටු ගෙවල් විකුණන්න බැරිව 10000 මට්ටුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණිමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර එම නිවාස සෑදීමට වැය කළ කෝටි ගණනක මුදලක් වතුරේ යන තත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ. 21 January 2023
ගම්පහට එජාපෙන් නාම යෝජනා පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා බාර දුන්නේය. 21 January 2023
දංඕවිට අනතුරකින් 12 රෝහලට දංඕවිට හොරගස්මංකඩ හන්දියේදී අද සවස පෞද්ගලික මගී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගින් 11 දෙනෙකු සහ ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයා තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 21 January 2023
කැනඩා රාජපක්ෂ තහනම ජී 7 රටවලට ගෙන යයිද? මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල් කැනඩාව සමඟ එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය අයි.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 21 January 2023
මහනියරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට වැලිකඩ පොලිස් වසමේ ගොතටුව පාර මහනියර හංදිය ප්‍රදේශයේ වෙළඳසලක් තුළට කඩාවැදුණු අවි ගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 21 January 2023
රාධ හිමියන්ගේ දේශනයක් කැලණි විහාරයේදී බළංගොඩ රාධ හිමියන් විසින් පවත්වන සර්ව රාත්රීක භාවනාමය බුදු ගුණ දේශනාව කැලණිය රාජමහා විහිරයෙන් අද පස්වරු පහේ සිට හෙට අලුයම හත දක්වා පැවැත්වේ. 21 January 2023
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. 21 January 2023
සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා 1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ’බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය. 21 January 2023
මුදල්-පරිපාලන ලේකම්වරුන් අවුරුදු 3ක් හිරේට යවනවා මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 January 2023
පුංචි ඡන්දයට දින දෙයි පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 21 January 2023
එජාපය කොළඹට නාම යෝජනා දෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අද( 21)නාමයෝජනා බාර දුන්නේය. 21 January 2023
අනියම් පෙමට වෙඩි පත්තු වේ හොරණ කුඹුක ප්‍රදේශයේ දී ඉකුත් 16 දා අළුයම 1 ට පමණ මෝටර් රථයක ගමන් ගත් ව්‍යාපාරිකයකුගේ ගෙලට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කල සැකකරු පිස්තෝලය සහ උණ්ඩ 7 ක් සමග පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 January 2023
වරාය කොමිසමට මුදල් කමිටුවෙන් ’’සැලියුට්’’ එකක් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කොමිසමට සිය ප්‍රශංසාව පළ කළේය. 21 January 2023
රදැල්ල කෙටි මාර්ගය වහයි නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය,රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි. 21 January 2023
’’රෝගී විශ්‍රාමිකයන්ට ප්‍රමුඛත්වය දෙන්න’’ රෝහල්ගතවී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ ප්රමුඛත්වයක් දැක්වීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. 21 January 2023
රට වැඩට යන ගොඩදෙනෙකුට ’’ඕලෙවල්’’ විතරයි විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කළේය. 21 January 2023
අලි සබ්රි සෞදි අරාබියේ නිල සංචාරයක සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයක් මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 21 January 2023
ඡන්දෙ දිනය හෙට ප්‍රකාශයට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට(22) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. 21 January 2023
නවසීලන්තයට නව අගමැතිවරයෙක්? නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි 21 January 2023
පොහොට්ටුවේ විස්සක් එන මහ ඡන්දයට නෑ අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 21 January 2023
’’මන්ත්‍රී ගෙවල් වන්දිය’’ කඩිනමින් ඉල්ලයි අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ. 21 January 2023
බෙහෙත් නැතිව ගොඩකවෙල ජනතාව පීඩාවට ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග නොමැති වීමෙන් රෝගීහු දැඩි අසීරුතාවයන්ට පත්වී සිටිති. 21 January 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026