
(අංජුල මහික වීරරත්න)
රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ දී පැවැති විද්වත් කතිකාවක දී රත්නායක මහතා කීය.
හමුදා නිලධාරීන් වෙත කෑම සැපයීමේ කොන්ත්‍රත්තුව කළ අයට, මහා මාර්ග ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා අවසන් කිරීමට මේ අනුව හැකියාව ලැබී ඇත.
විශ්‍රම ගිය රජයේ සමාගම්වල නිලධාරීන් වෙත වසර කිහිපයකින් පාරිතෝෂික ගෙවා නොතිබූ අතර ඊට අවශ්‍ය සියළු මුදල් ද මේ වන විට රජය විසින් නිදහස් කොට තිබේ.
ඉකුත් ජනවාරි මාසය දක්වා ගෙවීමට තිබූ සියලු හිඟ මුදල් මේ වන විට ගෙවා අවසන් අතර ඉදිරියට ගෙවීමට ඇත්තේ ජනවාරි මාසයේ පසුව කළ කොන්ත්‍රාත්වල මුදල් පමණක් බවද සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාට කාටත් හොඳ සනීපයක් දැනෙනවා ඇති
බැසිල් ගත්ත කප්පම්වල පාඩු කව්ද ආපසු දෙන්නේ.කොන්ත්‍රාත් කරුවන් කී දෙනෙක් දිවිනසාගෙන තියනවද කියල හොයල බලන්න. රාජපක්ෂ සනුහරේ රටට කල විනාශය හිතන්නවත් බැරි තරම්.....