IMG-LOGO

කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි

(අංජුල මහික වීරරත්න)

රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

වසර 3 ක කාලයක සිට රජයේ කොන්ත්‍රාත්කරුවන් වෙනුවෙන් ගෙවීමට තිබූ මුදල් රජය විසින් ගෙවා නොතිබූ අතර ඒවා සියල්ල ගෙවා අවසන් කිරීමට හැකිවූ බව කොළඹ දී පැවැති විද්වත් කතිකාවක දී රත්නායක  මහතා කීය.

හමුදා නිලධාරීන් වෙත කෑම සැපයීමේ කොන්ත්‍රත්තුව කළ අයට, මහා මාර්ග ඉදි කළ කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවා අවසන් කිරීමට මේ අනුව හැකියාව ලැබී ඇත.

විශ්‍රම ගිය රජයේ සමාගම්වල නිලධාරීන් වෙත වසර කිහිපයකින් පාරිතෝෂික ගෙවා නොතිබූ අතර ඊට අවශ්‍ය සියළු මුදල් ද මේ වන විට රජය විසින් නිදහස් කොට තිබේ.

ඉකුත් ජනවාරි මාසය දක්වා ගෙවීමට තිබූ සියලු හිඟ මුදල් මේ වන විට ගෙවා අවසන් අතර ඉදිරියට ගෙවීමට ඇත්තේ ජනවාරි මාසයේ පසුව කළ කොන්ත්‍රාත්වල මුදල් පමණක් බවද සඳහන්ය.



අදහස් (2)

කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි

Kule Saturday, 03 June 2023 12:57 AM

රජයේ කාට කාටත් හොඳ සනීපයක් දැනෙනවා ඇති

:       0       0

Lalla Monday, 05 June 2023 09:02 AM

බැසිල් ගත්ත කප්පම්වල පාඩු කව්ද ආපසු දෙන්නේ.කොන්ත්‍රාත් කරුවන් කී දෙනෙක් දිවිනසාගෙන තියනවද කියල හොයල බලන්න. රාජපක්ෂ සනුහරේ රටට කල විනාශය හිතන්නවත් බැරි තරම්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site