(සුජිත් හේවාජුලිගේ )
ටින් මාළු තොගයක් ප්‍රමිතියෙන් තොර බවට නියැදි පරීක්ෂණයකින් තහවුරුවී තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රමිතියෙන් තොර එම ටින් මාලු නිෂ්පාදනය කළ සමාගම් පහකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ( නඩු පැවරීම) ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක සඳහන් වේ.
අධිකාරිය ක්‍රියාමාර්ග ගෙන තිබුණේ( 2021 වර්ෂයේදී) ප්‍රමිතියෙන් තොර ටින් මාළු අලෙවි කළ වෙළෙඳසල් හිමියන් පිරිසකට පමණක් බවද එම වාර්තාවේ දැක්වේ.
මෙම ටින්මාළු ප්‍රමිතියෙන් තොර බව තහවුරුවී ඇත්තේ නියැදි පරීක්ෂණයකින් අනතුරුව බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
යම් භාණ්ඩයක් ප්‍රමිති හා පිරිවිතරවලට අනුකූල නොවන සහ ප්‍රයෝජනයකට ගත නොහැකි හෝ පරිභෝජනය සඳහා නුසුදුසු තත්වයකට පත්වී ඇති බව හෙළිදරව් වන අවස්ථාවක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 61(3) ආ වගන්තිය පරිදි එම තොග අවස්ථාවෝචිත පරිදි තහනමට ගෙන නීතිමය පියවර ගත යුතු බව සඳහන් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර සේදුම් දියර වර්ගවල අන්තර්ගත ඇල්කොහොල් ප්‍රතිශතය පිළිබඳව 2021 වර්ෂයේදී කරන ලද වෙළෙඳපොළ අධ්‍යයන දෙකක් සම්බන්ධ තොරතුරු පාරිභෝගිකයාට ලබාදීම අධිකාරය පැහැර හැර තිබුණු බවද එම වාර්තාවේ දැක්වේ.
අධිකාරියේ මහජන පැමිණිලි දුරකථන සේවාව( 1977) සඳහා 2021 වර්ෂයේදී ලැබී තිබූ පැමිණිලි 8056කින් පැමිණිලි 2646 ක් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණු බව එම කාර්යාලය සඳහන් කළේය.
එසේම වැටලීම් කර තිබුණේද පැමිණිලි 816 ක් සම්බන්ධයෙන් පමණක් බව එම වාර්තාව අනාවරණය කළේය.
ක්ෂණික ඇමතුම් සේවාවට ලැබුණු පැමිණිලිවලින් දිස්ත්‍රික්ක හතක පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය සියයට 15ත් සියයට 53ත් අතරවූ බවද එහි සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්ෂික වාර්තාවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජරා ටින් මාළු හැදූ කොම්පැණි පහකට නඩුදැමීම අතහැරලා
නිහාල් Saturday, 03 June 2023 04:34 PM
අපි විස චුට්ටක් කෑවාට කමක් නෑ කියලා එයාලා ජරාව කන්න ඇති..!
අපි ඉ්න්නවා ඔ්න දෙයක් ගන්න Saturday, 03 June 2023 05:05 PM
ඕන එකක් මිලදී ගන්න අපේ නිලධාරීන් සහ පාලකයින් ඉන්නවා නම්, සපයන්නට තරඟ කරන්නට කවුරුත් ඉන්නවා...
Lala Monday, 05 June 2023 08:59 AM
දේශීය ටින්මාලූවල තියෙන්නේ ආනයනය කල කුනුවූ ලින්නෝ. ලංකාව වටේ මූදෙන් අල්ලන මාලු වර්ග වන අලගුඩු ඇටවල්ලො හුරුල්වලෝ වගේ මාලු ඇසිරීමට පාවිච්චියට නියම කල යුතුයි.