IMG-LOGO

දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස පිළිබඳ යෝජිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයින් 130 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය.

එම විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තර සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරීත්වය සඳහා දායක කර ගැනීමට නියමිතය.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයින් කණ්ඩායමකට මෙම වසරේ ජුලි, අගෝස්තු මාසවල මෙරටට පැමිණීමට සිදුකර ඇති ආරාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර දේශගුණික විපර්යාස සම්බන්ධව කටයුතු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා කිරීම, එම සාකච්ඡාවලින් ලබා ගන්නා තොරතුරු ගවේෂණය සහ ගෝලීය පරිසර ගැටලු සාකච්ඡා කිරීම ඔවුන්ගේ සංචාරයේ අරමුණ බව ද සඳහන් කෙරිණි.



අදහස් (2)

දේශගුණික විශ්ව විද්‍යාලය ලබන වසරේ අරඹයි

ගමේ එකාලා Friday, 02 June 2023 07:50 PM

මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා? පින් ජනපතියා නම් විපර්යාස වෙලා වගේ කටයුතු කරන්නේ..?

:       8       4

සීජේරSaturday, 03 June 2023 10:13 AM

සාමාන්‍ය ලාංකික ගැමියා ඉතාමත් විවෘත මනසකින් යුතුව ලෝකයේ සිදුවන අලුත් දේ පිලිබදව අවදානය යොමුකර තමුන්ට එතරම් අදාල නොවුනත් මතු ප්‍රරපුරට අවශ්‍ය දෙයක් නම් ඒ දේ සදහා නිහඬව කටයුතු කරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site