IMG-LOGO

ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරග තුනකින් සමන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩඩාංගණයේදී අද (2) පැවැති පළමු තරගයෙන් ඇෆ්ගනිස්තාන් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලැබීමට සමත් වූහ.

ඇෆ්ගනිස්තාන් පිතිකරුවෝ ලකුණු 269 ක ඉලක්කය ඕවර 46.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ඊබ්‍රහිම් ශද්‍රාන් පන්දු 98 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 98 ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.  

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චරිත් අසලංක පන්දු 95 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 91 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 268

(පැතුම් නිස්සංක 38, චරිත් අසලංක 91, ධනංජය ද සිල්වා 51, දසුන් ශානක 17, දුෂාන් හේමන්ත 22, ෆෂාල්හක් ෆාරුක් 58/2, ෆරීඩ් අහමඩ් 43/2)
ඇෆ්ගනිස්තාන් පිල ඕවර 46.5 කදී කඩුලු 4 ට 269

(ඊබ්‍රහිම් ශද්‍රාන් 98, රමාට් ෂා 55, හෂ්මතුල්ලා ශහිඩ් 38, මොහොමඩ් නබී නොදැවී 27, කසුන් රාජිත 49/2)  

 

 



අදහස් (1)

ඇෆ්ගනිස්තානය කඩුලු 6කින් ශ්‍රී ලංකාව පරදවයි

Nihal Friday, 02 June 2023 09:48 PM

කමක් නෑ දක්ෂකම නොවෙයිනේ දේව කැමැත්තනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site