IMG-LOGO

දහම් මඟ ඔස්සේ දියුණු රාජ්‍යයකට

(අංජුල මහික වීරරත්න)

ධර්ම මාර්ගයේ යමින් දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට සියලු දෙනා අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස  සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා පැවසීය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිත බව කී ජනාධිපතිවරයා එයින්  සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අත්පත් කරගත් වටිනාකම්  අප්‍රමාණ බව කීය.

අභිමානවත් රටක් ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාල එම ජීවන මග ඔස්සේ ගමන් කිරීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.

පොසොන් පොහොය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මෙි බව පැවසීය.

 



අදහස් (5)

දහම් මඟ ඔස්සේ දියුණු රාජ්‍යයකට

ලුම්බිණි Saturday, 03 June 2023 10:25 AM

පොසොන් පෝය වෙනුවෙන්වත් වැදගත් කල හැකි දෙයක් කියනවද?

:       0       0

Sunil Saturday, 03 June 2023 11:21 AM

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුරිරු ලෙස උල්ලංඝනය කරන ඔබ දහම් මගක් ගැන කතාකිරීම් හාස්‍යට කරුණක්

:       0       0

පීරිස් Saturday, 03 June 2023 11:37 AM

බටලන්දේ මෘගයාගේ ශ්‍රද්ධාව අපූරුයි

:       0       0

Rata Perata Saturday, 03 June 2023 12:48 PM

දහම දැනගෙන හිටියට විතරක් වැඩක් නෑ .දහම් මගේ යන්න පුළුවන් වෙන්නත් ඕන .ඒක ඔයාට කරන්න බැරි බව රටම දන්නවා .ඔයාට පුළුවන් රාජපක්ෂ මගේ යන්න විතරයි

:       0       0

ගමේ එකාලා Saturday, 03 June 2023 01:16 PM

ධර්ම රාජ්‍යයක් හදන්න කියලා ආපු චිවරධාරීන් කරපු හරිය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. පන්සල් වන්දනාවේ ගිය දූෂිත දේශපාලුවන් ඊට හපන්. බලයට ආපු දූෂිත දේශපාලුවන් හරියට ඔය කියන ධර්ම මාර්ගයේ ගියානම් රටට මෙහෙම වෙයිද? පින් ජනපතිගේ වැදිබණ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site