IMG-LOGO

ගිනිඅවි 103කට: පතොරම් විසි අට දාහකට වෙච්ච දෙයක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධ රක්නා ලංකා ආරක්ෂක සමාගම ඇවන්ගාඩ් සමාගමට බාරදී තිබූ ස්වයංක්‍රීය හා අර්ධ ස්වයංක්‍රීය ගිනි  අවි 103ක්  සහ පතොරම් 28,789 ක් ඒ සමාගම් අතර ගිවිසුම අවසන්වීමෙන් පසු  නැවතත්  සමාගම බාරයට ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම  වාර්තාවක සඳහන් වේ.

නෞකා සමාගම්වලට 2011 වර්ෂයේ වර්ෂයේදී නිකුත් කර මෙතෙක් බාරදී නොමැති ගිනි අවි අතුරින් 13 ක් අස්ථානගතවී ඇති බවත් අස්ථානගතවූ එම ගිනි අවි 13ට ස්වයංක්‍රීය ගිනි අවි හතරක් සහ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි තුනක් ඇතුළත් වන බවත්   එම වාර්තාවේ දැක්වේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගම සහ ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස්  පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වැනි දිනෙන් අවසන්වී ඇති හෙයින් එම අවි ආයුධ  නැවත බාරදිය යුතුව ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ අතර රංගල සහ ගාල්ල පාවෙන අවි ගබඩාවලින් ලැබිය යුතු රුපියල් කෝටි 80 කට ආසන්න මුදලක් වර්ෂ  හතකට අධික කාලයක් තිස්සේ අය කරගෙන නැතැයි විගණන වාර්තාවේ දැක්වේ.

රක්නා ලංකා ආරක්ෂක සමාගම දේශීය හා සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීමෙන් ලබාගන්නා  ආදායම  විධිමත් කළමනාකරණයට හා පාලනයට සුදුසු අභ්‍යන්තර පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීම කෙරෙහි කළමනාකාරිත්වයේ  අවධානය යොමුවී  නොතිබූ බව විගණන අංශවලට තොරතුරු අනාවරණයවී ඇත.

මේ අතර සමාගම සඳහා සේවකයන් බඳවා ගැනීම හා උසස් කිරීම සඳහා පටිපාටියක් සකස් කර රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අනුමැතිය මේ දක්වාම ලබාගෙන නොතිබූ බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගම  පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්ෂික වාර්තාවේය.



අදහස් (2)

ගිනිඅවි 103කට: පතොරම් විසි අට දාහකට වෙච්ච දෙයක් නෑ

නිහාල් Saturday, 03 June 2023 10:46 AM

එකින් එක ගෑවිලා මැකෙන්න ඇති

:       0       1

fairoos Sunday, 04 June 2023 01:59 PM

ඕවායේ ගාන ගෝඨාභය අරගෙන ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site