IMG-LOGO

යූ.එන් එකේ කොටසක් මෙහෙයමු අවසන් කරන්න යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙරට මෙහෙයුම් කටයුතු එළඹෙන වසර දෙකක කාලය තුළ අවසන් කිරීමට නියමිත බව ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඒ හේතුවෙන් මෙරට සිටින සරණාගතයන් විශාල අවිනිශ්චිතභාවයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙරට සිටින සරණාගතයන්ට ලබා දෙනු ලබන දීමනාව සඳහා 2023 වර්ෂය වෙනුවෙන් අවශ්‍ය මුදලෙන් ලැබී ඇත්තේ සියයට 23 ක මුදලක් පමණක් වන බවත් එළඹෙන දෙසැම්බර් මාසයට ප්‍රථම එම මුදල අවසන් වනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇත. සරණාගත පවුල් වල ළමුන්ගේ  අධ්‍යාපනය සඳහාද මුදලක් එම දීමනාවට ඇතුලත් වේ.

දීමනාව නොලැබීමෙන් සරණාගත පවුල් මෙන්ම එම පවුල්වල ළමුන්ගේ අධ්‍යාපනයද අවදානමට ලක්විය හැකි බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.එසේම තවමත් සරණාගතභාවය නොලැබූ පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බවත් එම පිරිසගේ සරණාගතභාවය අනුමත නොකර එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයුම් කටයුතු අවසන් කළහොත් එම පිරිසගේ ජීවිත අවදානමට ලක් වීමට පවා අවස්ථාවක් තිබෙන බව ආරංචි මාර්ග පවසා ඇත.

සරණාගතභාවය නොලැබුනහොත් නැවතත් එම පිරිස පැමිණි රටට ඔවුන්ට පිටත්ව යාමට සිදු වන බවත් එහිදී ඔවුන් ඝාතනයට ලක් විය හැකි බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.

මේ පිළිබඳ මෙරට කාර්යාලයෙන් අප නිල වශයෙන් විමසීමක් කළ අතර එහිදී එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ මෙරට සිටින නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ මේ වනවිට අවතැන් වී සිටින්නේ ඉතාමත් සුළු පිරිසක් පිරිසක් බවත් අභ්‍යන්තරව අවතැන් වූ ජනතාවගෙන් බහුතරයක් ඔවුන්ගේ මුල් ස්ථාන කරා ආපසු ගොස් ඇති බවත්ය ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් සිදු කළ යුතු දැයි සමාලෝචනය කිරීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට හැකියාව ලැබී තිබෙන බව මෙරට කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දුන්නේය.අභ්‍යන්තරව අවතැන් වූ බොහොමයක් ජනතාවට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සහාය ලබා දී තිබෙන බවත් ශ්‍රී ලංකාවේ සිටින බොහෝ සරණාගතයන් සඳහා කල් පවතින විසඳුම් සොයා දුන් බවත් මෙරට කාර්යාලයේ නිලධාරීන් පැවසුවේය.

 



අදහස් (0)

යූ.එන් එකේ කොටසක් මෙහෙයමු අවසන් කරන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site