මනම්පිටිය බස් අනතුරිින් 11ක් මරුට,40කට තුවාල කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (9) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. 09 July 2023
ජනපති පොලිස්පති පත් කරයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා තවත් මාස තුනක කාලයක් සඳහා පොලිස්පති ධුරයට පත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 09 July 2023
‘‘ඇඟළුම් කර්මාන්තය වෙනත් පැත්තකට ගත යුතුයි‘‘ යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන ඇඟළුම් සියයට 20කින් පමණ අඩු වී ඇතැයි ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පවසයි. 09 July 2023
බාන්ස් පෙදෙසේ ඉඩමක් අල්ලන්න ආ 26 ක් කූඩු කරයි කොළඹ 07 බාන්ස් පෙදෛසේ රුපියල් කෝටි ගණනක් වටිනා දෙමහල් නිවෙසක් සහිත ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කෝලහල කළ දෙපිරිසක 26 දෙනකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. 09 July 2023
ඝාතනය ඉව පොලිසිය වැටේ පාතාල කල්ලි නායකයකු වන මතුගම ශාන් නැමැත්තා ගේ කොන්ත්‍රාත්තුවක් මත මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අරමුණින් සැගව සිටී පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු තියුණු කඩු තුනක් , හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 15 ක් සහ ජංගම දුරකථන පහක් සමග අද පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස දූෂණ මර්ධන වැටලීම් ඒකකය සමත්ව ඇත . 09 July 2023
බසයක් පෙරළී 12ක් රෝහලට තලවකැලේ, වටගොඩ සිට මඩකුඹුර වත්ත දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක් අද (09) සවස දුනුකේදෙණිය, කිරිදිකැටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 12 කු පමණ තුවාල ලබා ඇතැයි පුඩළුඔය පොලීසිය පවසයි. 09 July 2023
මස් මාළු ගිනි ගනන්:බිත්තර ඉල්ලුම වැඩ වෙලා දේශීය බිත්තර සදහා පාරිභෝගික ඉල්ලුම සියයට දහයකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය. 09 July 2023
දූෂණ පනතට විරුද්ධ වුණොත් ජනතාවගෙන් කොන් වේ සමස්ත රටේම අපේක්ෂාවක් වූ දුෂණ විරෝධී පනත යටපත් කිරීමට යම් බලවේගයක් උත්සාහ දරන්නේ නම් එම බලවේගය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය. 09 July 2023
පේරේ සිසුවාගේ දිවි බේරා ගනී පේරාදෙණිය සරසවියේ සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු නේවාසිකාගාරයේදී දිවි තොර කර ගන්නට ගත් උත්සහායක් වැලකූ අසල තවත් සිසුන් පිරිසක් ඔහු රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 09 July 2023
වැරදුණු අයට සායනයක් එච්.අයි.වී අවදානම අවම කිරීමේ ඖෂධ නොමිලයේ ලබාදීමේ විශේෂ සායනයක් සෑම මසකම දෙවන සතියේ ඉරිදා දින කොළඹ සේරම් පෙදසෙහි පිහිටි ලිංගශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය කියයි. 09 July 2023
පොලී අනුපාතය යළි අඩුවන ලකුණු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉදිරියට ගෙන යාම සඳහා ඉදිරියේදී පොලී අනුපාත නැවත අඩු කිරීමක් සිදු විය හැකි බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සී.එන්.බී.සී නාලිකාව සමඟ පැවති සාකච්ඡාකදී ප්‍රකාශ කර ඇත. 09 July 2023
ඉන්දීය ධීවරයන් 15 ක් සමඟ යාත්‍රා 2 ක් භාරයට මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 15 ක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 09 July 2023
‘සෙස් බද්ද’ට නව ගැසට්ටුවක් තේ අපනයනයේදී අය කරන ‘සෙස් බද්ද’ තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ලෙස සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.් 09 July 2023
රිය අනතුරින් බස් නැවතුමේ සිටි දරුවන් 5ක් රෝහලේ කලවාන රත්නපුර මාර්ගයේ අද (09) හගරංගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . 09 July 2023
‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘ රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 09 July 2023
ජනපති මැඳුරෙන් සොරාගත් බඩු නැවත දෙන්න දිනයක් ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී. 09 July 2023
පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ඇරැඹුම නවත්වයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. 09 July 2023
කම්බා හොරෙක් බෙම්මුල්ලෙන් අල්ලයි දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් දිචු කළ 12 වතාවක් වරෙන්තු ලබා ඇති කොල්ලකරුවකු අත් අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි. 09 July 2023
පී.එච්.අයි ගේ රාජකාරියට බාධා කළ කත අත්අඩංගුවට හෝමාගම පිටිපන පාසල හන්දිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට බැන තර්ජනය කර රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනා මත අදාල වෙළදසැලෙහි හිමිකාර කාන්තාව අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 09 July 2023
ලක්ෂ 80 ක මස් සමග දෙදනකු පොලිස් දැලේ බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ අසු අටක් වටිනා ගවමස් හා එළුමස් කිලෝ 2,800.00 ක් ශීතකරණයක් සහිත ලොරි රථයකින් ගලෙන්බිදුණුවැව සිට නුගේගොඩ දනක්වා ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සමග පුල්ලේයාර් හන්දිය අසලදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 09 July 2023
වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේ බලය මැතිසබයට ? පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැණවීම වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. 09 July 2023
මත්තලින් වාර්තා ගත ලෙස අලාභයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දි (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 09 July 2023
එන්ගලන්තයේ සිට ඇවිත් යාපනයෙන් අවසන් ගමන් යයි යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි මරදන්කේණි පොලිසිය කියයි. 09 July 2023
අපේක්ෂා රෝහලේ මුළුතැන්ගෙයි බඩු සොරාගත් 2ක් මාට්ටු මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සඳහා මුළුතැන්ගෙයි ගබඩා කර තිබූ වියළි ආහාර ද්‍රව්‍ය සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි . 09 July 2023
පකිස්තාන ක්‍රිකට් පිල ශ්‍රීලංකාවට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 09 July 2023
මඟුල්ගෙදර ගමන නතර වූ සිසුවිය අවසන් ගමන් ගිහින් මව විසින් මගුල් ගෙදර ගමන නැවැත් වූ 13 හැවිරිදි මු සිසුවියකගේ සිරුර නාන කාමයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 09 July 2023
වැස්ස සිහින් වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 July 2023
නව ගුවන් හමුදාපතිට ආදි ආනන්දීගෙන් උපහාර කොළඔ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාට උපහාර දැක්විමේ උළෙලක් පැවැත්වීය. 08 July 2023
බඩුමිල ඉහළයි ජනතාව අමාරුවේ වෙළෙඳපොළේ මස්,මාළු,එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 08 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026