(අංජුල මහික වීරරත්න)
තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.
සති දෙකක විධිමත් පුහුණුවකින් පසු මෙම සහතිකය ලබාදීමට අනුමැතිය ලැබී ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.
ජාතික ආධුනිකත්ව මණ්ඩලය විසින් ජාතික වෘත්තිය නිපුණතා -03 (NVQ -3) මට්ටමේ සහතික පතක් මොවුන්ට ලබා දෙන බව
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා සඳහන් කළේය.
ගස් බඩ ගෑම කරන අවස්ථාවේ හදිසි රෝග තත්ත්වයකට ලක්වීම, සර්ප දෂ්ඨන හා ගසෙන් ඇද වැටීම මගින් පූර්ණ හෝ අර්ධ ආබාධ තත්ත්වයට පත්වීම වලක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුහුණුවක් සහතිකය ලබාදීමට පෙර ලබා දෙන බව ද ක්‍රිෂාන්ත පතිරාජ මහතා කීය.
තල්, කිතුල් සහ පොල් ආශ්‍රිත කටයුතු කරන පුද්ගලයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගනු ලබන පියවර සම්බන්ධව සාකච්ඡාවක් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර අදාල වෘත්තිකයන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා විධිමත් වැඩ පිළිවෙළක් යොදන්නැයි අමාත්‍යවරයා තල්, කිතුල් හා පොල් සංවර්ධන මණ්ඩලවල සභාපතිවරුන්ට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොමලාට වඩා ඉහළම ඉහළ රස්සාවක් කරන නිසා ආණ්ඩුව අහිංසක මේ ගොල්ලන්ගෙනුත් ගාණක් කඩාගන්න හදනවද දන්නේ නෑ. NVQ නැතිව ගෑස් නගින අයට දඩ ගහන්න සැලසුමක් තියෙනවා වත්ද?