
(අංජුල මහික වීරරත්න)
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම පිණිස නියමු ව්‍යාපෘතියක් ගම්පහ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස 2022/11/14 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව එකී නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල සහ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ ඇති කමිටුවේ නිර්දේශ මත පදනම්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන් හට සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර ද්වි වාර්ෂිකව අලුත් කිරීමේ පදනම මත නිකුත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇස්, කන් තියෙන අය හප්පගන්න විදිහට අනේ මටනම් තේරෙන්නේ නෑ කවුද මේ තීන්දු, තීරණ ගන්නේ කියලා...!
උපතින්ම කන් ඇහෙන්න නැති අය ගොළුයි. ඒ කියන්නේ ගොළු අයටත් රිය පදවන්න පුළුවන්ද?