බඩුමිල ඉහළයි ජනතාව අමාරුවේ වෙළෙඳපොළේ මස්,මාළු,එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 08 July 2023
බදු අභියාචනා කොමිසම ඈවරයි:කෝටි එකොළොස් දාහක් වතුරේ බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 08 July 2023
මෝටර් රථය දුම්රියේ ගැටෙයි:ජීවිත තුනක් නූලෙන් බේරෙයි වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදි අනාරක්ෂිත හරස් මාර්ගයක් හරහා ගමගත් මෝටර් රථයක් මන්දගාමී දුම්රියක ගැටී ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 08 July 2023
කවුරුද මේ තිරිසනා අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති. 08 July 2023
ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ් නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය. 08 July 2023
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපතිට අධිකරණයෙන් අවවාද දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කොමසාරිස්වරයා ගමන් ගත් නිල රථය අවහිරය කර බැන තර්ජනය කර රාජකාරියට බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය අද (8) නියෝග කළාය. 08 July 2023
හොර සල්ලි සමග පාසල් සිසුවෙක්, තරුණයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු තිස් හතරක් සමග පාසල් සිසුවකු සහ තරුණයකු මන්නාරම, මුත්තූර් හන්දියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 08 July 2023
සෙල්ලමට ගැසූ යකඩ කූර ඇනී දරුවෙක් මරුට එකට සෙල්ලම් කරමින් සිටි දැරියක දමා ගැසූ යකඩ කුරක් ඇනුනු දරුවකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි. 08 July 2023
දුම්රිය පොළේ නින්ද ගිය එස්.අයිට සුද්දයක් දීලා දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය අතරවාරයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. 08 July 2023
පළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවති විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75.3 ක වර්ධනයක් බවද එම වාර්තාවේ සඳහන් වේ. 08 July 2023
කතුන් දෙකක් නිරුවත් කළ අටක් මාට්ටු නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී චීවරධාරියකුට තරුණියකට සහ කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 08 July 2023
පොහොට්ටු මන්ත්‍රීන්ගේ පවුල්වලට රජ සැලකිලි ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 08 July 2023
කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ අය වහා අල්ලනු භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 08 July 2023
ඉන්දීය දුම්රිය අනතුරට දුම්රියේ තුනක් සැකපිට 293 දෙනකුට මරු කැඳවමින් ඔඩිෂා ප්‍රාන්තයේ බලසෝර් හි පසුගිය මාසයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය සේවකයෝ තිදෙනෙක් මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 08 July 2023
සැප තිබුණත් වැළෙලෙන්න ඉඩක් නැති නගරයක් ලොව මිල අධිකම දේපල වෙළඳපොළ තිබෙන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 08 July 2023
පෙම පැටලී අනාගත මාමණ්ඩිය ඝාතනය කරලා පෙම් පළහිලව්වක් දුරදිග යාම නිසා සිය පෙම්වතියග පියා ඝාතනය කර පෙම්වතියට ද තියුණු ආයදු ප්‍රහාරයක් එල්ල කිරීම නිසා ඇය රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 08 July 2023
ඇබෑර්තු දෙසීයක් පුරවා නෑ: නීතිපති රස පරීක්ෂක අංශ දෙකේ වැඩ අඩාලයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු දෙසීයකට වැඩි සංඛ්‍යාවක් කලක් තිස්සේ නොපිරවීම හේතුවෙන් ඒවායේ වැඩ කටයුතුවලට විශාල වශයෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ. 08 July 2023
සංචාරක ක්ෂේත්රයෙන් ඩොලර් මිලියන 986 උපයයි මෙම වසරේ පළමු මාස 6 ක කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 986.2 ක මුදලක් උපයා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දී තිබේ.එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 45.1 ක වර්ධනයක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත. 08 July 2023
කාන්ති ගුණතුංග දිවි රඟ මඩලින් බැස යයි සිංහල සිනමාවේ ප්රවීණතම රංගන ශිල්පිනියක් වන කාන්ති ගුණතුංග මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 08 July 2023
අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍රය අක්‍රීය වී දරුවන් අමාරුවේ මහරගම අපේක්ෂා රෝහලේ දරුවන්ට විකිරණ ප්‍රතිකාර කරන ‘ලීනීයර් ඇක්සලරේටර්’ නැමැති විකිරණ ප්රතිකාරක යන්ත්‍රය සති දෙකක සිට අක්‍රීය වී තිබීම නිසා දරුවන්ට ප්‍රතිකාර කිරීම අත්හිටුවා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු පවසති. 08 July 2023
තැපැල් ස්ථානාධිපතිනියට මිරිස්කුඩු ප්‍රහාරයක් කොටවිල මැදකොටවිල උප තැපැල් කාර්යාලයට පැමිණි නාඳුනන පුද්ගලයකු එහි ස්ථානාධිපතිනියට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කොට එහි තිබූ මුදල් පැහැර ගැනීමෙි තැත වැරදී සැකකරු පලාගොස් ඇතැයි කොටවිල පොලිසිය කියයි. 08 July 2023
අපොස උසස් පෙළෙට අයදුම්පත් කැඳවයි අපොස උසස් පෙළ විභාගයට (2023) පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ඊයේ (7) සිට මේ මස 28 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැඳවන බව විභාගය දෙපාර්තමේන්තුව පවසයි. 08 July 2023
අයියා මලෝ කුඩු විකුණලා රුපියල් කෝටියක් පමණ වීථි වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග සහෝදරයන් දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 08 July 2023
කාළගුණයේ අද තත්ත්වය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 08 July 2023
රෝගීන් ගැන නොසැලකිල්ලට නිදහසට කරුණු එපා සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් රෝගියකුට පීඩාවක් වන්නේ නම් ඊට නිදහසට කරුණු ප්‍රකාශ කරමින් නොසිට රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සෞඛ්‍ය බලධාරීන් හමුවේ පැවසීය. 08 July 2023
ජර්මනියෙන් වෘත්තීය පුහුණු පාසලක් ගන්න රුවන් අත ගහයි පුනර්ජනනීය බලශක්තිය ගැන නිසි අධ්‍යාපනයක් මෙරට දරුවන්ට ලබා දීම සඳහා ශ්‍රී ලංකාව හා ජර්මනිය එක්ව වෘත්තීය පුහුණු පාසලක් ලංකාවේ පිහිටුවීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවෙි ජර්මන් තානාපති කාර්යාලයේ නිලධාරීන් අතර එකඟතාවයක් ඇතිව තිබේ. 08 July 2023
මෙරට එන සංචාරකයන් හයෙන් එකක් ඉන්දියානුවෙක් ඉන්දියාව පසුගිය වසරේ (2022) සංචාරකයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සමඟ නැවත වරක් ශ්‍රී ලංකාවට විශාලතම සංචාරක ප්‍රභවයක් වූ බවත් ශ්‍රී ලංකාවේ සිටින සෑම සංචාරකයින් පස් හය දෙනෙකුගෙන් එක් අයෙක් ඉන්දියානුවෙක් බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා අද (7) පැවසීය. 07 July 2023
ත්‍රිරෝද සංගම් ලේකම් පොලිසියට තගත් දමලා පානදුර ත්‍රීරෝද රථ සංගමයේ ලේකම්වරයා බව කියන ත්‍රිරොද රථ රියැදුරකු රථවාහන රාජකාරියේ යෙදි සිටි පානදුර උතුර පොලිසියේ කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම ඉරා පරුෂ වචනයෙන් බැණ වැදී පහර දී පළා යාමට උත්සාහ කිරීමේදී දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි. 07 July 2023
ඉන්දියාව ශ්‍රී ලංකාවට ලොකු සහනයක් දෙයි ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට ඇති ද්වි පාර්ශ්වික ණය ආපසු ගෙවීම සඳහා වසර 12 ක කාලයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන මූල්‍ය පීඩනය අවම කිරීමට ඉන්දියාව සැලසුම් කර ඇතැයි ඉන්දියානු අපනයන ණය ඇපකර සංස්ථාවේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂක එම්.සෙන්තිල්නාතන් මහතා ප්‍රකාශ කර ඇතැයි මින්ට් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 07 July 2023
‘සූර්යා සදහම් සැරිසර’ කුරුණෑගලදී සාර්ථකව අවසන් වෙයි ශ්‍රී ලංකාවට ආරක්ෂිත ගිනිකූරු හදුන්වාදුන්වාදීමේ පුරෝගාමියා වන ‘සූර්යා’ සන්නාමයේ නවතම නිෂ්පාදනය වන ‘සූර්යා සුවඳකූරු’ සහ ලංකාදීප ඔන්ලයින් එක්ව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කරන ‘සූර්යා සදහම් සැරිසර’ වැඩටහනේ තවත් පියවරක් කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරයේදී ඇසළ පෝය දිනය පුරා පැවැත්විණි. 07 July 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026