(සුජිත් හේවාජුලිගේ )
මූල්‍ය අක්‍රමිකතා කළ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගත් ආයතන 12ක් ගැන විගණන පරීක්ෂණ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව ආයතන හයක් සම්බන්ධයෙන් මේ වනවිට කරන ලද විගණන විමර්ශනය යටතේ රුපියල් කෝටි 318 මුදලක් අමතර බදු ලෙස රජයට අය කරගැනීමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාවගේ බදු මුදල් නාස්තිකරමින් කරන විගණන පරීක්ෂණ වලින් ලැබෙන ප්‍රතිඵලය කුමක්ද ? ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ විගණනයට ඇස් පනාපිටම වෙච්ච දේ ???
ඔය විගණන පරීක්ෂණ කරලා ප්‍රතිඵල නෙලාගත් එක ආයතනයක් නම් කරන්න පුළුවන්ද...?
රටේ මුදල්, වංචා ගැන මහා ලොකුවට කතා කරන මෙයා, එදා නියෝජ්‍ය කතානායක ධුරයෙන් ඉල්ලා අස්වෙලා, එදාම නැවත එම ධුරයට තරඟ කරලා රටේ මුදල් නාස්ති කිරීම ගැන මෙයා වග කියන්න ඕනේ. අනුන්ට චෝදනා එල්ල කරන්න තමන් නිවැරැදිද බලන්න...