(යොහාන් භාසුර)
කථානායකවරයා රටේ උත්තරීතර නීතිය උල්ලංඝණය කරමින් මාර්ගගත ආරක්ෂණ පනතට අත්සන් කළ බවත් එයට විරුද්ධව පොදු විපක්ෂය කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (5) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
වත්මන් රජය මිනිස් අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කර පොලිස් රාජ්‍ය හා ආඥාදායක පාලනයක් කරා ගමන් කරන බව කී ජී. එල්. පීරිස් මහතා සඳහන් කළේ මාර්ග ගත ආරක්ෂණ පනත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සම්මත වූ පනතක් නොවන බවත්ය.
සමගි ජන බලවේගය සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණයට ආණ්ඩුව එල්ල කළ ජල හා කඳුළු ගෑස් පිළිකුලෙන් හෙළා දකින බව කී පීරිස් මහතා විපක්ෂ නායකවරයෙක්ට මෙවැනි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර ඉතිහාසයේ කිසිදා එල්ල නොවූ බව ද සඳහන් කළේය.
කථානායකවරයා විපක්ෂයේ අදහස්වලට පයින් ගසා මෙම මාර්ගත ආරක්ෂණ පනත සම්මත කරගත් බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට මරු පහරක් මෙන්ම එම පනතින් ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් රටට අහිතකර ප්‍රතිවිපාක භුක්ති විඳීමට සිදුවන බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ ඔයා දැන් මි මුත්තෙක් වෙන්න තරම් වයස කෙනෙක් . පාර්ලිමේන්තුවේ අවුරුදු 30 කට වැඩියි. කරපු දෙයක් නැහැ . කියවීම මිසක . මෙදාපාර ඔයා ගෙදර.
එදා මේ කතානායක තමයි, එදා මරණ දඬුවම් නියම වූ චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවිට ඔයාත් ආණ්ඩු පක්ෂයේ නේද හිටියේ? ඒ වලාවේ ඔයා ඇයි නිහඬ වුනේ? මතක තියාගන්න රාජපක්ෂලා කරපු හොරකම්, දූෂණ සේරම කලේ ඔයා ඇතුළු ඩලස් ආණ්ඩු පක්ෂයේ ඉඳිද්දී මිස, ඔයාලා ස්වාධීන වුණායින් පසුව නොවේ. ඔයාගේ මහාචාර්ය කමෙන් රටට බරක් මිස කිසිම යහපතක් නැහැ...!
පලාත් සභාවට තරග කරත් එන්න බෑ.