(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවකයන්ගේ ආර්ථික සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලුවට වාහාම විසඳුමක් දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරු හැර සෙසු කාර්ය මණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී අද (5) දහවල් විරෝධයක් පැවැත්වූහ.

‘රෝහල් අඩපණ නොකර දීමනා අර්බුදය විසඳනු, සෞඛ්‍ය ඇමතිතුමනි ලැජ්ජයි සහ ඩැට් හොර පාරේ ගියේ ඇයි? ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන මෙහිදී සෞඛ්‍ය සේවකයෝ විරෝධතාවයේ නිතර වූහ.

(ඡායාරූප: ශාන්ත රත්නායක)