(යොහාන් භාසුර)

ප්‍රමිතියෙන් තොර පාන් අළෙවිකරන්නන් වැටලීමේ මෙහෙයුම් අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සහ කිරුම් මිනුම් පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වැටලීම් රට පුරා ක්‍රියාත්මක කරන බවත් පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව පාන්වල නියමිත බර ප්‍රමාණය තිබිය යුතු බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.