(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.

මෙය 2017 වසරින් පසු ලැබූ ඉහලම ලාභය බව කී රාජ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද සංස්ථාවේ නව කළමනාකාරීත්වයේ කැපවීමෙන්  මෙම ලාභය වාර්තා කිරීමට හැකි වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ආයුර්වේද සංස්ථාව  ‘බොඩිමන්ත්‍ර’ නමින්  ආයුර්වේද සම්බාහන ක්‍රමයක් ඇති කරමින් සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේ පැරණි සම්බාහන ක්‍රම මගින්  දේශීය ආයුර්වේද ක්‍රමයේ විවිධ රෝග නිවාරණය කිරීමට හැකියාව ඇතැයි පැවසීය.