(යොහාන් භාසුර)
වැලිකඩ බන්ධානාගර රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිනිය බලය අවභාවිත කිරීම පිළිබඳව කොතරම් පැමිණිළි කළ ද සෞඛ්‍ය අමාත්‍යංශය නිහඬ පිළිවෙතක් අනුමගමන කරන බවත් එම වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය හේතුවෙන් ප්‍රභූන්ට පමණක් නොව මංකොල්ලකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බන්ධනාගාර රෝහල තුළ සැප විදීමේ අවස්ථාව හිමිව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා පැවසීය.
මෙම තත්වය තුළ බන්ධනාගරයේ සිටින සහ බන්ධනාගාරගත වන සැබෑ රෝගීන්ට ප්‍රතිචාර ලැබීමේ අවස්ථාව අහිමිව ඇති බව කී වෛද්‍ය බෙල්ලන මහතා මෙම තත්වය හේතුවෙන් සැබෑ රෝගී රැඳවියන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බව ද සඳහන් කළේය.
අදාල වෛද්‍යවරියගේ ක්‍රියාකළාපය සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන සහ අභ්‍යන්තර වෛද්‍යවරු පැමිණි කළ ද කිසිඳු පියවරක් නොගන්නා බවත් සාමන්‍ය වෛද්‍යවරියක් වන ඇය විශේෂඥ වෙද්‍යෙවරියක් ලෙස කටයුතු කිරීම හාස්‍යයට කරුණක් බවත් ඒ මහතා කීය.
එම වෛද්‍යවරිය ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ලෙස මුද්‍රා තබමින් කටයුතු කරන බවට ද පැමිණි ඇති බව කී ඒ මහතා ඇයට වසර 5 කට අධික කාලයක් එහි සේවය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය අවසර දී ඇති බව ද වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දූශිත දොස්තරට විරුද්දව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරිද?
දැනටමත් ජනතාවගේ සාපයට පරිසම් ලබමින් පවතිනවා. ඒ නිසා මෙම වෛද්‍යවරිය අවංක නැත්නම්, ස්වභාවධර්මයට බාරයි.
ඇයගේ බැංකුපොත් බැලුවා නම් පාතාලයන් සහ කුඩු ව්‍යාපාරිකයින්ට සැප දීමේ රහස හෙළිවෙයි...!
නිර්භීතව ඇත්ත ප්‍රකාශ කරන රුක්ෂාන් බෙල්ලන මහතාට අපේ ප්‍රණාමය..!
හොඳට කියවලා බලන්න ඔය ප්‍රවෘත්තිය. ප්‍රභූ පැලැන්තියේ අය කොල්ල කාලා හිරේ ගියාම සැප දෙන්න තමයි බන්ධනාගාර රෝහල තියෙන්නේ...!
බන්ධනාගාරයේ කොහොමද ප්‍රභූන් ඉන්නේ...? හොරු, මිනීමරුවෝ, කුඩු කාරයෝ කොහොමද ප්‍රභූ වුනේ...?
වෛද්‍යවරියට හොඳ සැලකුම් ලැබෙනවා ඇති...
GMOA කියන්නෙත් දොස්තර මහත්වරුන්ගේ සංගමයක් නේද.....?. ඒ අය නිදිද...?තමන්ගෙ සාක්කුවට මොනව හරි දාගන්න විතරද ඇහැරෙන්නෙ...?