(යොහාන් භාසුර)
සේවක හිඟය හේතුවෙන් ‘1990’ සුවසැරිය ගිලන්රථ සේවය පවත්වාගෙන යෑම අසීරු වී ඇතැයි එම ගිලන් රථ සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්වය හේතුවෙන් කොළඹ ක්‍රියාත්මකව තිබූ ගිලන්න රථ 21 න් ගිලන් රථ 8 ක් පමණක් මේ වන විට සේවයේ යෙදවීමේ අවස්ථාව උදාවී ඇති බව කී එම නිලධාරියා එහි සේවය කළ රියදුරන් සහ හෙදියන් විශාල පිරිසක් සේවයෙන් ඉවත්වීම මෙයට හේතුව බව ද සඳහන් කළේය.
සුවසැරිය ගිලන්රථ සේවයේ සේවය කළේ යන සේවා සහතිකයට විදේශ රටවල්වල හොඳ ඉල්ලුමක් පවතින බවත් ඒ හේතුවෙන් එම ගිලන් රථ සේවයේ සේවකයන් විදේශගත වීම ඉහළ ගොස් ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම උතුම් සේවය එදා විවේචන කරපු ගොම්මන්පිල අද මොනවද කියන්නේ?
ඉතින් වහාම බඳවාගෙන හොඳ පඩියක් ඒ මිනිස්සුන්ට ගෙවන්න
ඕනෑ තරම් තරුණ තරුණියන් ඉන්නවා... රැකියා විරහිත නිසි පුහුණුවකින් පසු සේවය කිරීමට ඔවුන්ට අවස්ථාව ලබාදෙන්න...
රියදුරු රස්සා තියනවද කොහොමද සම්බන්ධ වෙන්නේ