
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ.
ජනාධිපතිවරයාට විරෝධය දැක්වූ මන්ත්‍රීවරුන් ඔහුගේ කතාව වර්ජනය කරමින් සභාගර්භයෙන් පිටවී ගිය බව ද පැවැසෙයි.
ජනාධිපති මොහොමඞ් මුයිසුට විරෝධය පෑවේ, මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ‘ඩිමොක්‍රටික්ස්’ දේශපාලන පක්ෂයයි.
මෙම විපක්ෂ දේශපාලන පක්ෂ, ජනාධිපතිවරයාට විරෝධය පළ කළේ ජනාධිපති මුයිසුගේ චීන හිතවාදී සහ ඉන්දීය විරෝධී ප්‍රතිපත්තිය නිසාය.
පසුගියදා ජනාධිපති මුයිසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විවේචනය කරමින් කළ ප්‍රකාශයක් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල දැඩි විරෝධයට හේතු විය.
එම සිද්ධිය මුල්කොට ගනිමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්නැයි ද ජනාධිපති මුයිසුට මාලදිවයින විපක්ෂ නායකයන්ගෙන් දැඩි බලපෑමක් ද එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කොන්ද පණ තියෙන විපක්ෂයක් අපේ රටේ තිබුණා නම් මේ ප්‍රජාතන්ත්‍ර විරෝදී වැඩ ගොඩක් අඩු වෙලා...