
(අංජුල මහික වීරරත්න)
ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට සහාය ලබා දෙන බව ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපති සුදත් දේවපුර ඇතුළු එහි සාමාජිකයන් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා හමුවේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවසීය.
ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා පවසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීම් ලැබී ඇති නමුත් රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් තමන් ඉදිරිපත් නොවී වික්රමසිංහ මහතාට සහාය දක්වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ථ ලංකා කට්ටඩියන්ගේ සංගමය සහාය දෙනවා කියලා නැද්ද තාම?
ඇත්තටම හරිම සතුටුයි...
පා. ච. රණවක වෙන්න ඕනෑ කපුකම කරන්න ඇත්තේ!
තුක් නොදකින්, සිවුරු පොරවාගෙන නටන දේශපාලන නාඩගම් මදිවාට ආගමට මුවාවෙලා මොවුන් කරන දේශපාලන නෙයියාඩගම් බලන්න වුණානේ බෞද්ධයින්ට. මොවුන්ට කවුද ලෝක බෞද්ධ සංවිධාන අටවා ගන්න දුන්නේ? අසූචි ගහලා පන්නන්න ඕනෑ...
ලංකාවේ තියෙන බ්රාන්ච් එකේ සභාපති මිසක් මෙයා ලෝක ආයතනයේ සභාපති නෙවෙයි...
මැද කොළඹ මරණාධාර සමිතියේ සහය වගේ ඒවත් ඉදිරියේදී බලාපොරොත්තු වෙමු.
වත්මන් ජනාධිපතිතුමාට තියෙන ප්රධාන ප්රශ්නය තමයි මහ බැංකුව කැඩුවා කියන ප්රචාරය... මේනිසා පාරම්පරිකව එජාපය සමග සිටි පිරිස් පවා බලවත් කණගාටුවෙන් තමයි ඉන්නේ බොහෝවිට ජනාධිපතිවරණයට පෙර එයට නොපමාව පිළිතුරක් නැත්නම් එජාප පාක්ෂිකයින් මැතිවරණය වර්ජනය කරාවිද කියලා එක්එක් අයගේ අදහස් අනුව හිතෙනවා බැඳුම්කර කියන්නේ මොකක්ද මම දන්නේ නැහැ ඒකට වුනේ මොකක්ද ජනතාව දන්නෙත් නැහැ. ඒ නිසා තමයි පසුගිය මැතිවරණය, එජාපය ජාතික ලැයිස්තුවට සීමා කළේ..., ජනාධිපතිතුමා කොතරම් දක්ෂයෙක් වුණත් අනාගතය දකින කෙනෙක් වුණත් මේ ප්රශ්නය සඳහා විසඳුමක් නැත්නම් වැඩක් වේද කියලා ටිකක් සිතා බලන්න...
එහෙනම් ඉතින් රනිල් දිනුම් තමයි... මේක එසේ මෙසේ බෞද්ධ මහා සම්මේලනයක් නොවෙයිනේ... ලෝක බෞද්ධ මහා සම්මේලනයක් කෝටි ගානක රනිල් ඡන්ද ගනියි...!
අසූචි ගොඩ කහ රෙද්දෙන් වැසීමට සූදානම්
ඉතා හොඳ තීරණයක්.
මේ බෞද්ධ සම්මේලනෙන් බෞද්ධාගමික වැඩ හැර අනෙක් ඔක්කොම දේවල් කරනවා වගේ