(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාලයේ සිසු දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් අනුව වටිනා  සංගීත භාණ්ඩ තොගයක් ලබන 9 වැනිදා එම විදුහලට ප්‍රදානය  කරන බව ජනාධිපති කාර්යාලය කියයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය නොවැම්බර් 3 වැනිදා මොණරාගල බුදුරුවගල මහා විද්‍යාල‍ ක්‍රීඩාංගනයට හදිසියේ ගොඩ බැස්ස වූ අවස්ථාවේදී සිසුන් කළ ඉල්ලීමකට අනුව මෙම සංගීත භාණ්ඩ තොගය ලබාදෙයි.

ට්‍රම්පට්, ට්‍රොම්බෝන්, සැක්සෆෝන්, ක්ලැරිනට්, මවුන්ටබල් ටැම්බරින්, චයිමිස් කට්ටල, එකොස්ටික් ඩ්‍රම් ආදි සංගීත භාණ්ඩ රැසක් විදුහලට ප්‍රදානය  කිරීමට කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.