
(අංජුල මහික වීරරත්න)
ලෙලි කජු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙට්‍රික්ටෝන් 25000ක් පමණ නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික් ටොන් 12500ක් බව රජය පවසයි.
පසුගිය කන්නයේ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් ඇතිවී තිබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික් ටොන් 15000ක් ආනයනය කිරීමටත් ඉන් අනතුරුව අදාල අමාත්‍යංශ වල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් මගින් තීරණය කරනු ලබන ලෙලි කජු ප්‍රමාණයක් ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ආනයනය කිරීමටත් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අතර අස්වැන්න වැඩිකර ගන්න ක්‍රමයක් හොයන්න ඕනෑ නැද්ද? නෑ නෑ ඕනෑ නෑ, ආනයනය කරන එක අපිට වාසියි නේද?