
(අංජුල මහික වීරරත්න)
ඉඩම් අයිතිය ඉල්ලා ලෝකයේ විප්ලව රැසක් සිදු වූවද විප්ලවයකින් තොරවම මෙරට ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දීමට හැකිවීම වත්මන් ආණ්ඩුව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ආණ්ඩුව ලැබූ පළමු ජයග්‍රහණය රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ලක්ෂ 20 ක ජනතාවට ප්රතිලාභ සැලසෙන “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය සේවකයන් ලක්ෂ 15කට වැටුප් වැඩි කිරීම අනෙකුත් ජයග්‍රහණ බවද පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තුවේ කොටසකගේ පමණක් සහාය ඇතිව වසර දෙකක් වැනි කෙටි කාලයකදී රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවන් පුළුල් වැඩකොටසක් ඉටු කිරීමට ආණ්ඩුව සමත් වූවා නම් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගේ සහාය ඇතිව රට ඔසවා තැබිය හැක්කේ කුමන ස්ථානයකට කියා සියලුදෙනා සිතා බැලිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්රදානය කිරීමට අද (05) පස්වරුවේ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවති උත්සවය අමතමිනි.
රජයේ ඉඩම් ආඥා පනත යටතේ එදා විදේශිකයන්ට ඉඩම් ලබා දුන්නා නම් ජනතාවට එම අයිතිය ලබාදීමට කිසිදු බාධාවක් තිබිය නොහැකි බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට අර ඔයාලා ඔක්කෝම එකතුවෙලා විශ්වාස භංගයෙන් "අපේ හොරා" කෙහෙලියව එදා බේරගත්තා වගේද...?
එදා විදේශිකයින්ට දුන්නා නම් මෙදා කාට දුන්නත් වරදක් නැති න්‍යාය අනුව වෙන්න ඇති ජේ.ආර් වතු සහනාධාර මණ්ඩලයේ ඉඩම් හෙංචයියලාට බෙදලා දුන්නා නේද මහත්තයෝ?
පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත පවුල් පාලනේ උන්,වටේ හිටපු දූෂිත දේසපාලුවෝ ඔක්කොම එකතුවෙලා තමා රටම බන්කොලොත් කෙරුවේ .නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා,හොන්දට තිබුනු අපේ රට හිගාකන තත්ත්වයකට පත්කෙරුවා .දූෂිත දේසපාලුවෝ හැම එකෙකුටම සාප වෙනවා රටට කරපු විනාසෙට .
වර්තමාන මූල්‍ය අර්බුදය ගැන හැමෝටම දොස් කියන්න එපා. ඊට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ 2010 වසරේ සිට මේ දක්වා ආණ්ඩු කළ අය දූෂණය සහ වැරදි තීරණ ගැනීමයි.
සාගල ඉඳගෙන ඉන්න හැටි හරිම ලස්සනයි. heeeeee. ඇයි අනුන්ගෙන් උදව් කරන්නේ, ඔබ අපේ මාතෘ භූමිය විකුණූ වෙළෙන්දෙක්.
විශේෂයෙන්ම 2005-2024 කාලයේ බලයේ සිටි දේශපාලනඥයන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනින් මහජන මුදල් කොල්ලකෑවේ නැත්නම් මේ රට මීට වඩා ඉහළ මට්ටමක පවතින්න තිබුණා.
රට බංකොලොත් භාවයෙන් මුදවා ගත්තානම් ලක්ෂ 20කට සහනාධාර ලබා දෙන්නේ ඇයි? රටක් සමෘදිමත් නම් සහනාධාර ලබන පිරිස අවම විය යුතුයි නේද?
මීට වඩා ඔසවන්න තරම් දැන් මොනවාද ඔසවල තියන්නේ? එහම ඔසවල තියනවා නම්, ඇයි වැට් බදු වැඩි කලේ? විදුලි බිල, ඉන්ධන තවත් අඩුකරන්න තිබුණනේ. අනික පාර්ලිමේන්තුවේ බහුතරය බලය තියද්දීත්, තව මොන උදව් කොව්රුත්ගෙන් බලාපොරුත්තු වෙන්නේ. මෙයා විපක්ෂයේ උදව් ඉල්ලන්න මේ මොහොතේ, ඔහු විපක්ෂ නායක දුරය දරමින්, අවසන් යුද්ධය පවතිද්දී අඩු තරමින් හදිසි නීතිය සම්මත කර ගන්න හරි, ඒ වනවිට බලයේ හිටපු ආණ්ඩුවට සහයෝගය දුන්නද?
රට මේ තත්වයට පත්කරපු අයට පුළුවන් නම් දඬුවම් කරන්න. පොහොට්ටුවේ ආණ්ඩුවත් තියාගෙන නිකන් කයිවාරු විතරයි...
මට නම් හිතෙන්නේ ඕක ඔසවන්න පුළුවන් සාගලට විතරයි.