IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි

( පුෂ්පකුමාර මල්ලවආරච්චි )

පල්ලෙවෙල  බෝරුක්ගමුව කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්  ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්බන්ධයෙන් ඇති වූ ජනතා විරෝධය මධ්‍යයේ අද( 6 ) පෙරවරුවේ  පරීක්ෂණයක් පැවැත්වුණු අතර අවසානයේ ජනතා් විරෝධතාවය ජයග්‍රහණය කරනු ලැබීය. 

ප්‍රදේශයේ ගල් කැඩීීමේ ස්ථානයක්    පවත්වාගෙන යනු ලබන  අයකු විසින් කන්දවත්ත ප්‍රදේශයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ගල්තලාවක් කැඩීම සඳහා අවසර ඉල්ලීම හේතුවෙන් මෙම ජනතා විරෝධය එල්ල වී තිබිණි .

 මෙම ගල් කුල කඩා දැමුවහොත් ඒ අසළ පදිංචි ජනතාවට ජලය නොමැතිවීම හා ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියට බාධා පැමිණීම හා කුකුල්නාපේ ප්දේශයේ ජනතාවට නායයාමේ අවධානමක් පවතින බව කීයමින්  ජනතාව සිය විරෝධතාවය එල්ල කරනු ලැබීය 

මධ්‍යම පරිසර අධිකාරිය,  භූ විද්‍ය ඛාණිජ වැලි හා පතල් කාර්යාංශය , පරිසර අමාත්‍යාංශය, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව  සහ ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග මීරිගම සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු තරංග විජේවික්‍රම මහතා මෙම පරීක්ෂණයට එක් විය . නුංගමුව පොලිස් ස්ථානාධි පතිවරයා ඇතුළු නිලධාරින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ .



අදහස් (1)

ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි

Lal Tuesday, 06 February 2024 03:36 PM

කවුරු හරි කීයක් හරි හම්බකර ගන්නවාට කැමැති නෑ.. කාලකන්නි.. ඉරිසියාකාර ... අඩුකුලේ ජෙප්පන්...!

:       6       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site