(යොහාන් භාසුර)
ඉන්දියානු රජයේ නිල ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරතව සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (5) පස්වරුවේ ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් මහතා හමුවිය.
මෙම හමුව සර්දාර් පටෙල් භවාන්හිදී පැවැත්විණි.
මෙම හමුවේදී කලාපීය ආරක්ෂාව පිළිබඳව සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශවීය සබඳතා පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පැවසීය.
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද සහභාගි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චපාති කන්න දුන්නද දන්නේ නෑ.
කලාපීය වශයෙන් වැදගත් සාකච්ඡාවකි. අළුත්ම ආණ්ඩුවක පෙරනිමිති පහළ වෙමින් පවතියි...!
හොඳ ප්‍රතිචාරයක් අනුර ජනාධිපති වෙනවා...!
ඉන්දියාවත් දන්නවා ජනාධිපතිවරණය දිනන්නේ අනුර කියලා හැබැයි බයියෝ දන්නේ නැහැ.
අන්‍ර අයියා මොනවා කියයිද මන්දා. උපදේශක කෙනෙක්වත් ගියාද මන්දා. ඉන්දියාවේ ගිහිනුත් මෙහේ දෙසපාලකයෝ කරපු හොරකම් තියෙන පෛල් දිගහරීද මෙහේ පුරුද්දට.
ජාත්‍යන්තර පිළිගැනීම් සහ ලෝකේ බලවත් නායකයන්ගේ සහයෝගය රනිල්ට පමණයි තියන්නේ කියල කියපු, රනිල්ගේ ගෝලයෝ දැන් මොනවාද කියන්නේ? ලෝක නායකයෝ දන්නවා රනිල්ට ජනවරමක් නැහැ කියලත්, අඩු තරමින් අනුරට පාර්ලිමේන්තුවට යන්න තරම් ජනවරමක් තියන බවත්, තවද අනුර හොරක් නොවේ සහ අනුර හෝ අනුරගේ පක්ෂය හොරුන්ට ඉඩ දෙන්නත් නැහැ බවත්.