(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කිරිබත්ගොඩ රාත්‍රී සමාජ ශාලාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සමාජ ශාලාවේ සේවය කළ 19 හැවිරිදි  තරුණියක් අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ ‍පොලිසිය කියයි.

සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩුගම්පොල  කෙහෙල් බද්දර ප්‍රදේශයේදීය. ඉකුත්  දෙසැම්බර් 18 වෙනි දින මෙම වෙඩි තැබීම සිදුවී තිබූ අතර සැකකාරිය අයුතු ජනරාශියක සාමාජිකාවක වී වෙඩි තබා බිය ගැන්වීමට අනුබලදීම යටතේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකාරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කිරිබත්ගොඩ ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි .