(සුජිත් හේවාජුලිගේ)


පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවියන් මින්  ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්‍යස්ථානවලින් ඉවත් කර රක්ෂිත බන්ධනාගාර  ගත කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් ඇතුළු වීමෙන් එහි නිතර නිතර ගැටුම් ඇතිවන අවුල් සහගත තත්වයක් නිර්මාණයවී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඒ ජාවාරම්කරුවන්ට අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන  වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට බව ඔහු කීවේය.