
(තිලිනි මධුෂානි)
රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාතංශය මගින් රාජ්‍ය ආයතන වෙත දැනුම් දෙයි.
එම චක්‍රලේඛනයට අනුව හැකි සෑම අවස්ථාවකම රාජ්‍ය නිලධාරීන් ආගමික වතාවත්වල නිරත වීමට හැකි ලෙස සේවා වැඩ මුර ලබා දෙන ලෙස එම චක්‍රෙල්ඛනයේ සදහන් වේ .
2024 මාර්තු 12 දින ආරම්භ වන රාමසාන් උත්සවය 2024 අප්‍රේල් 11 වන දින අවසන් වීමට නියමිතව පවතින බව දැක්වේ.
විශේෂ නිවාඩු අනුමත කිරීම නොවැළැක්විය හේතුවක් මත පමණක් ලබා දෙන ලෙස එම ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරයි.
රාජ්‍ය සේවයේ, රාජ්‍ය සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩලවල සුදුසුකම් ලත් මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් රාමසාන් අවසන් වීමට දින 14 ට පෙර උත්සව අත්තිකාරම් ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පටසිරි, දැන්නම් රට බේරගන්න යක්ඛ පුත්තු කරලියට එයි. නන්දසේන මේවා නැතිකරලා අන්තිමට දිව්වා..