
(ෂමින් පණ්ඩිතරත්න- මිලානෝ නගරයේ සිට)
ජාතික 76 වන නිදහස් දින සැමරුම් උළෙල ඊයේ (04 ) දින අති උත්කර්ෂවත් අන්දමින් 'හදමු අලුත් රටක්‘ යන තේමාව යටතේ මිලානෝ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් උතුරු ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබුණි.
දේශපාලකයන් විසින් විනාශ කර අප රට,එක එකා ඉස්මතු වීමට වෙර දරන ප්‍රයත්නයෙන් වලින් අප රට මුදවා ගන්ට සිංහල, දෙමළ ,මුස්ලිම් ,බර්ගර්, මැලේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රඥාව පහළ වේවා අවබෝධය පහළ වේවා රට මුහුණපා ඇති මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ඉක්මනින් මුදවා ගැනීමට ඔබට අපට සියලු දෙනාට වාසනා උදා වේවයී සෙත් මහගම විපුලසිරි හිමියන් විසින් සෙත් දේශනා කළහ.
ආඩම්බරය තමයි අප රට 76 වසරක නිදහස් දින සැමරීම, වේදනාව තමයි අද අප රට මුහුණ පා ඇති තත්ත්වය. ඒ සෑම දෙයක්ම කතොලික විශ්වාස අනුව දේව මාතාවට බාර දෙන බව පවසමින් මිලානෝ කිතුන් සංඝයේ උපාධ්‍ය ජූඩ් සුරේෂ් පියතුමා විසින් දේවාශිර්වාදයක්ද පැවැත්විය.
මිලානෝ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඩිලානි වීරෝකෝන් මැතිනියගේ ආරාධනය පිළිගෙන ඒහි වැඩමවා වදාළ ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහගම විපුලිමේ නාහිමිපාණන් වහන්සේද මිලානෝ ධර්ම නිකේතනාරාම විහාරාධිපති යුරෝපයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ශාස්ත්‍රපති පැල්ගහතැන්නේ සීලවිමල නාහිමිපාණන් වහන්සේද ජෙනෝවා සම්බුදු විහාරයේ විහාරාධිපති ඥානතිලක හිමිද මිලානෝ ලංකාරාමයේ බොරලැස්ගමුවේ ලංක විජිත හිමිද මිලානෝ කිතුණු සංඝයේ පින්කි රෝෂාන් පියතුමාද ජූඩ් සුරේෂ් පියතුමාද අන්‍ය ආගමික පූජකවරුන්ද විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක්ද සහභාගි වී තිබුණි.
ශ්‍රී ලාංකික කුඩා දුවා දරුවන්ගේ සාම්ප්‍රදායික නර්තන, වාදන ,ගායනා වලින් සැදුම්ලත් මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා ද සහභාගි විය .
පැමිණ සිටි සියලු දෙනා වෙනුවෙන් කොන්සල් කාර්යාලය මගින් දේශීය ආහාරපාන වලින් සැදුම්ලත රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සංවිධානය කර තිබුණි.
අවසානයේදී දමිළ බසින් ජාති ගිය ගායනා කොට උත්සවයේ වැඩ කටයුතු අවසන් කරන ලදී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට අරක්ගෙන සිටින වංචාකාරී හොර රැළ එලවා නියම නායකත්වයක් පත්කර ගනිමු. ඉතාලියේ ලාංකිකයිනි, ඔබ දැන්ම ක්‍රියාකාරි වන්න. නෑදෑයින් අමතන්න. ඔවුන් සමග බුද්ධිමත් කථිකාවක යෙදෙන්න...
තානාපති සේවය කෙසේවෙතත්, උත්සව සමරන්න නම් කියාපු ජාතියනේ අපි..? මම මේ නොදන්නා නිසයි අහන්නේ, ඔය මිලාන් නගරයේ පන්සල් කීයක් තියනවාද? දායකයින් එහෙම ගොඩාක් එකමුතු ඇති නේද..? ඔය කියන අනෙක් ජාතීන්ට ප්‍රඥාව පහළ වෙන්න කලින් බහුතර සිංහලයින්ට ප්‍රඥාව පහළ වෙන්න ප්‍රාර්ථනා කළා නම්, ලංකාවේ සියලුම ජනවර්ගයාට සතුටින් ඉන්න තිබුණා... මේ රටේ ජීවත් වෙන්න බැරිව පිටරටවලට පැනගෙන සුද්දන්ගේ රටවල ඉඳගෙන නිදහස් උත්සව සමරනවා දැක්කාම නම් අපට අර කොහෙන්ද මන්දා හිනායනවා.?