(අංජුල මහික වීරරත්න)
රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්වීම වෙනුවෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අදාළ වියදම් එකී ප්‍රතිපාදන තුළ කළමනාකරණය කර ගැනීමට සිදුවන බවත් අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගෙන තිබේ.
එමෙන්ම පළාත් සභා මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය අරමුදල් රජයේ පවත්නා සීමිත මූල්‍ය අවකාශය තුළ 2025 වසර සඳහා වන අයවැය මගින් ලබාදීමට සිදුවන බවද අමාත්‍ය මණ්ඩලය විසින් නිරීක්ෂණය කර ඇත.
2025 වර්ෂයේදී එකී මැතිවරණ දෙක පැවැත්වීමට ප්‍රථම 1948 අංක 17 දරණ පරීක්ෂණ කොමිෂන් සභා පනත ප්‍රකාරව ස්ථාපිත කර ඇති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශය මත පදනම අවශ්‍ය වන්නේ නම් අදාල මැතිවරණ නීති සඳහා වන සංශෝධන පාර්ලිමේන්තුවේ අනුමැතිය මත හඳුන්වා දිය යුතු බවද අමාත්‍ය මණ්ඩලය විසින් වැඩි දුරටත් සැලකිල්ලට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක්
Akila Tuesday, 06 February 2024 12:37 PM
මැතිවරණ තියන්න තිබෙන්නේ සීමිත මූල්‍ය අවකාශයක් උනත් , රනිල්ට නාස්ති කරන්න නම් ඕනේ තරම් සල්ලි තියනව , ගෝලයෝ පිරිවරාගෙන ලෝක සවාරි , නිදහස් උත්සව , ආගමික උත්සව ඕනේ දෙයක් හෙන උජාරුවට කරන්න නම් මුදල් ප්‍රශ්න නැහැ